Friday, December 7, 2018

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ‘‘ සල්ගහ යට‘‘ කාව්‍ය සංග්‍රහයේ විචාරය



“ කවිය යන්නෙන් අදහස් කරන්නේ නිරායාසයෙන් ගලා බස්නා ප්‍රබල හැඟීම් සමුදායකි“ යි ලෝ ප්‍රකට කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් පවසයි. නිසඟ ප්‍රතිභා පූර්ණ කවියෙකු වන රත්න ශ්‍රී විජේසිංහයන්, සිය හදින් ගලනා හැඟීම් සමුදාය “ සල්ගහ යට‘ ට ගෙන එයි.

අධික්‍රියාශීලී ළමයින් පිළිබඳ කියැවෙන දමිළ චිත්‍රපටය “ පසන්ගා“



අධික්‍රියාශීලී ළමුන් හා එම තත්වයේ ලක්ෂණ පිළිබඳ මීට පෙර ලිපියක කතා කළා ඔබට මතක ඇති. ADHD නමින් හැඳින්වෙන අධික්‍රියාශීලී තත්වය මැනවින් අවබෝධ කරගන්නට දමිළ චිත්‍රපටයක් වන පසන්ගා “ ඉතා වැදගත්ය.

මෙහි කවීන් හා නයනා නමින් හැඳින්වෙන ළමයින් දෙදෙනා සිය මව්කුස වල සිටිය දී මව්පියන්ගේ චර්යා රටාව පෙන්වමින් කතාව ඇරඹේ. කවින්ගේ පියා බැංකු නිලධාරියෙකු වන අතර මව ද රැකියාවක් කරයි. කවීන් කුස තුළ සිටිය දී මව වැඩිපුර ආහාරයට ගන්නේ ක්ෂණික ආහාර හා සිසිල් බීම වර්ගයන් ය. උදෑසන රැකියාවට යන්නේ ද කලබලයෙනි. ඔවුන් රූපවාහිනියේ නරඹන්නේ ක්‍රියාදාම සපිරි සිනමාපටයන් ය. මෙම සිනමාපටයන් හි පහර දීම්, දේපල හානි කිරීම් ආදිය මව මහත් අභිරුචියෙන් නරඹයි. එවිට කුස තුළ සිටින දරුවා ද මවට පයින් පහරක් එල්ල කරයි. එනම් දරුවා මව් කුසේ සිටම ප්‍රචණ්ඩත්වයට ඇලුම් කරන්නට පටන් ගනී.

නයනාගේ මව ද දරුවා කුසේ දරා සිටින කාලයේ දී පසුවන්නේ මානසික පීඩනයෙනි.ඇයට අවශ්‍ය කරන සෙනෙහස සැමියගෙන් නොලැබේ. ඇය කැමති ආහාර ආදිය සැමියා උවමනාවෙන් සපයා නොදෙයි. ඉතා වෙහෙසට පත්ව සිටින සැමියා බිරිඳ ගැන සොයා බලන්නේ අඩුවෙනි. මේ තත්ත්වය යටතේ නයනාගේ මව සිටින්නේ ශෝකයෙනි. එය දරුවාට තදින් බලපා ඇති බව පසුව පෙනේ.

මෙම පවුල් දෙකේම මව්පියන් දරුවන් ඉපදීමට පෙරම සිතන්නේ දරුවන් ඉතා උසස්ම පාසලකට යොමු කිරීමට ය. මේ සඳහා දරුවන් ඉපදීමට පෙර සිටම පාසලට අයදුම්පත් යොමු කරයි.එහෙත්  කවීන් සහ නයනා එක පාසලක රඳවා තබන්නට දෙමාපියන් අසමත් වේ. වසරක් ඇතුලත දරුවන් දෙදෙනා පාසල් කිහිපයකට මාරු කරන්නට සිදුවන්නේ පාසලේදී විනය නීති කඩා දමමින් අන් අයට හිරිහැර වනසේ හැසිරීම නිසා ය. පාසල පමණක් නොව මේ දරුවන් දෙදෙනා නිසා මේ පවුල් වලට සිය නිවාස ද මාරු කිරීමට සිදුවේ. වෙනත් තැන් වල සිටි කවීන් හා නයනා යන දරුවන් මුණ ගැසෙන්නේ තමන් සිටි නිවස අතහැර දමා කවීන්ගේ පවුලේ අය නයනාගේ පවුලේ අය පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණීමෙනි.

කවීන් හා නයනා යන දරුවන් අධික්‍රියාශීලී ලෙස හැසිරීමට හේතු වන ඔවුන්ගේ නිවෙස් වල පරිසරය පිළිබඳව  ද  චිත්‍රපටයේ පෙන්වා දෙයි.

කවීන් නැමැති දරුවා උදෑසන අවධිකරවන්නේ ඔහුට ඇසෙන සේ රූපවාහිනියේ කාටූන් ක්‍රියාත්මක කිරීමෙනි. ඔහු අවදිව රූපවාහිනියේ කාටූන් නරඹමින් සිටි විට මව පැමිණ ස්නානය කරන්නැයි පවසයි. ඔහු එයට අකමැති වන නිසා රූපවාහිනිය අක්‍රීය කොට ඔහුව නාන කාමරයට දමා දොර වසයි. ඉන් පසුව ඔහු ජල කරාමය විවෘත කරමින් වසමින් ස්නානය කරන්නට පටන් ගනී. ඉක්මනින් ස්නානය කරන්නැයි මව පැවසුවත් කවීන් තැකීමකට ලක් නොකරයි. මේ නිසා නැවතත් රූපවාහිනිය ක්‍රියාත්මක කොට දමිළ චිත්‍රපටයක නර්තන අවස්ථාවක් කවීන්ට ඇසෙන්නට සලස්වයි. එවිට කවීන් නර්තනයේ යෙදෙමින් ස්නානය කොට නාන කාමරයෙන් ඉවතට පැමිණේ. ඔහු ඇග පිසදමන්නේත් චිත්‍රපටයේ සංගීත රිද්මයට අනුව නර්තනයේ යෙදෙමිනි. කවීන් සියල්ල පසෙක ලා රූපවාහිනිය ඉදිරියට විත් නර්නයේ යෙදෙයි. එය නතර කරන්නට රූපවාහිනිය විසන්ධි කරන්නට මවට සිදු වෙයි. මේ අයුරින් නිවසේ පරිසරය ද මෙම ළමුන්ගේ හැසිරීම වෙනස් කිරීමට බලපා තිබේ.

කවීන් සහ නයනා දෙදෙනාම විවිධ මනෝ වෛද්‍යවරුන්ට යොමු කළ ද එම වෛද්‍යවරුන් මොවුන්ගේ නිවැරදි තත්වය වටහා නොගනී. නිරර්ථක පරීක්ෂණ වලට භාජනය කරමින් දෙමාපියන්ගෙන් මුදල් වියදම් කරවයි. මේ නිසා කවීන් හා නයනාගේ දෙමාපියන් ඉතා වෙහෙසටත් කලකිරීමටත් පත්ව සිටී.

කවීන් සහ නයනාගේ පවුල්  එකම නිවාස සංකීර්ණයට පැමිණි පසු මිත්‍ර වන ළමුන් දෙදෙනා එක්ව විවිධ දඟකාරකම් කරන්නට පටන් ගනී. ඔවුන්ගේ දඟකාරකම් අවසන් වනනේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් මෙම පවුල් දෙකේ අයට ඉවත් වෙන්න යැයි පැවසීමෙනි. ඉන් පසු කවීන් සහ නයනාගේ දෙමාපියන් මෙම දරුවන් දෙදෙනා නේවාසික පාසලකට ඇතුළත් කරයි.නේවාසික පාසලේ දී තනිවම සිය කටයුතු කර ගැනීමට සිදුවීමත් දෙමාපියන්ගෙන් වෙන් වීමත් නිසා ළමුන් දෙදෙනා  නිතර දුකසේ කාලය ගත කරයි. නමුත් එහිදීීද අනෙක් ළමුන්ට හොල්මන් කතා කියා බිය වැද්දීම නිසා දෙමාපියන්ගේ පහර දීම් වලට හා බැණ වැදීම් වලට දරුවන් දෙදෙනා ගොදුරුවේ.

තමිල්“ නැමැති මනෝ වෛද්‍යවරයාට මේ ළමයින් දෙදෙනා හමුවන්නේ නිවාස සංකීර්ණයේදීය. ළමුන් දෙදෙනාගේ ගැටළුව වටහා ගන්නා ඔහු දෙමාපියන්ට කියන්නේ තමා හමුවන ලෙසයි. මනෝ වෛද්‍යවරුන් පසු පස ගොස් තෙහෙට්ටුවට පත්ව සිටින ඔවුන් තමිල්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි. කවීන් හා නයනා යන දරුවන් දෙදෙනා තමිල්ගේ දරුවන් දෙදෙනා සමග මිත්‍රව ඔවුන්ගේ නිවසට යන්නේ අහම්බෙනි. එහිදී ඔවුන් දකින්නේ ළමයින්ට සතුටින් ගත කළ හැකි පරිසරයකි. දරුවන්ගේ වටිනාකම් වලට සලකන, දරුවන්ට නිසි මග පෙන් වන දෙමාපිය යුවලකි. කවීන් සහ නයනා තමිල්ගේ චර්යාත්මක ප්‍රතිකාර වලට යොමු වන්නේ ඉන් පසුවය.

තමිල්ගේ ප්‍රතිකාර සැසි දරුවන්ට විනෝදාත්මක පාසලක් බවට පත් වෙයි. අධික්‍රියාශීලී දරුවන්ගේ අධික්‍රියාශීලී බව පාලනය කිරීමට ක්‍රීඩා සහ නොයොකුත් ක්‍රියාකාරකම් මෙම සැසි වල සිදු කෙරේ. ඒවා සැසි වශයෙන් හඳුන්වනවාට වඩා අපට දැනෙන්නේ එය ළමයින්ට ක්‍රීඩා කිරීමට සකස් කර ඇති උද්‍යානයක් ලෙසයි. ඔවුන්ට ඉනිමං දිගේ ඉහළට නගින්නට, ලෑලි වලින් සකස් කළ පාලම් වල ඇවිදින්නට වැනි ක්‍රියකාරකම් සිදුකෙරේ. විශේෂයෙන්ම තම අවධානය බොහෝ වෙලාවක් පවත්වා ගත යුතු ක්‍රියාකාරකම් සිදු කරයි. උදාහරණයක් ලෙස පෑන් කොපුව අතින් ඉහළට ගෙන ඉතා සෙමෙන් සෙමෙන් පෑන වෙත ගෙන ඒම, මැටි භාජනයක් සකස් කිරීම,රූකඩ ලෙස සෙමෙන් සෙමෙන් කරන චලන , බෝලයකින් ඈත සිට ඩ්‍රම් එකකට ගැසීම, රෙදි සේදීම වැනි ක්‍රියාවන් පෙන්වා දිය හැකිය. එමෙන්ම ධන උපස්ථම්භන මගින්  ( උදා- සිදු කරන යහපත් ක්‍රියාවකට තරුවක් ලබා දීම වැනි) දරුවන්ගේ යහපත් චර්යාවන් වැඩි දියුණු කිරීම ද පෙන්වා දෙයි.



පොදුවේ සියලුම දෙමාපියන්ට පසන්ගා“ තුළින් ලබා දෙන ආදර්ශ---


  •  දරුවන් යනු දෙමාපියන්ගේ උවමනාවන් ඉටු කරන අය නොවන බව පෙන්වා දීම
  • දරුවන් යනු නිවසට පැමිණෙන අමුත්තන්ට විනෝදය සපයන අය නොවන බව
  • දරුවන්ට ද ආත්ම අභිමානයක් ඇති බවත් ඔවුන් ද ගරු කිරීම් බලාපොරොත්තු වන බව.
  • දරුවන්ගේ චර්යාවන්, බුද්ධිය සැකසෙන්නේ මව් කුසේ සිටිය දී බව.
  • හැම දරුවෙකුම සතුව සුවිශේෂී දක්ෂතා පවතින බව
පසන්ගා තුළින් අධික්‍රියාශීලී ළමයින්ගේ හැසිරීම් රටාව හඳුනා ගත හැකි අතර නිවැරදි මග පෙන්වීමක් යටතේ මේ දරුවන්ට තමන්වම පාලනය කරගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඇති අංශයන් වෙත යා හැකි බව මැනවින් පෙන්වා දෙයි.


-





Friday, September 21, 2018

තාරේ සමීන් පර් චිත්‍රපටයේ ඉෂාන් ගෙන් පිළිබිඹු වන ඩිස්ලෙක්ෂියා ( ලිවීමේ හා කියවීමේ අක්‍රමතාව) ලක්ෂණ සහ නිර්මාණශීලී ගුරුවරයෙකුගේ කැපවීම

තාරේ සමීන් පර් යනු ඩිස්ලෙක්ෂියා රෝගයෙන් පෙලෙන දරුවකු කේන්ද්‍ර කරගත් කතා පුවතකි. නමුත් මෙම රෝගී තත්වය පිළිබඳ අවබෝධයක් නොමැති වැඩිහිටියෙකුට  මෙන්ම ළමයෙකුට එම ලක්ෂණ පිළිබඳ අවධානයක් යොමු නොකරමින් වුවද එහි රසය වින්දනය කළ හැකිය. එයට හේතුව තාරේ සමීන් පර් හුදු වාර්තාකරණයෙන් මිදී ඉතා කලාත්මක ලෙස නිර්මාණය කර තිබීමයි.

පසුගිය ලිපියෙන් ඩිස්ලෙක්ෂියා නම් තත්වය පිළිබඳ ගැඹුරින් විග්‍රහ කළ බැවින් ඒ පිළිබඳ නැවත කතා කිරීම අවශ්‍ය නොවන බව සිතමි. දැන් අපි මෙහි එන කතා නායකයා වන ඉෂාන් අවස්ති තුළින් පිළිබිඹු වන ඩිස්ලෙක්ෂියා හෙවත් ලිවීමේ කියවීමේ අක්‍රමතා ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරමු.

* අපිලිවෙල

ඉෂාන් තුළ පිරිසිදු බව හා පිළිවෙල යන කරුණු දෙකම දකින්නට නොලැබේ. ඔහුගේ ඇඳුම් පැළඳුම් වල පිළිවෙලක් නැත. කාමරය ද ඉතා අපිළිවෙලය. ඇතැම් දින වල සපත්තු නිසි පරිදි  පොලිෂ් කර නොතිබීම නිසා ඔහුට පාසලේ දී දඬුවම් විඳින්නට සිදුවේ. පාසල් ඇරී නිවසට එන ඉෂාන් මව විසින් සකස් කර තිබූ සැන්විච් ආහාරයට ගන්නට සූදනම් වන්නේ අපිරිසිදු දෑත් වලිනි. දෑත් සෝදා ආහාර ගත යුතු බව මව මතක් කර දුන් විට සැන්විච් පෙති මුවේ රුවා ගෙන දෑත් සෝදයි.

*දෛනික කටයුතු නිසි අන්දමින් සිදු කිරීමට නොහැකි වීම.

මුහුණ සේදීම, නෑම වැසිකිලි යෑම සඳහා බොහෝ වෙලාවක් ගනී. කමිසයේ බොත්තම් දැමීම, සපත්තුවක ලේස් ගැටගැසීම, ආචාර පෙලපාලියේ දී වම දකුණ පැටලීම, පන්දුවක් නිසි එල්ලයට යොමු කිරීම, යොමු කරන ලද පන්දුවක් අල්ලා ගැනීම ආදිය ඔහුට ඉතා අසීරු ය.

* ලිවීමේ කියවීමේ දුර්වලතාව

ඉෂාන්ට ලිවීම හා කියවීම කෙතරම් දුෂ්කර වීද යත් ගුරුවරුන් පවසන්නේ ලිවීම හා කියවීම ඔහුගේ හතුරන් බවයි. අද කියාදෙන පාඩම ඔහුට හෙට අමතකය. අකුරු වල හැඩය එය ලිවිය යුතු නියම ආකාරය, ලිවිය යුතු පැත්ත මතක තබා ගැනීමේ අපහසුතාවක් ඇත. උදා - b අකුර d ලෙස ලිවීම. ඇතැම් අවස්තා වල අකුරු නටන්නාක් මෙන් ඔහුට පෙනේ. එමෙන්ම ගණිතමය හැකියාව ද ඉතා අවම මට්ටමක පවතී.

* උපදෙස් තේරුම් ගැනීමේ අපහසුතාව

උදා - 7 වන පරිච්ඡේදයේ 30 වන පිටුවේ 03 වන ඡේදය කියවන්න.
මෙවැනි උපදෙස් ඔහුට තේරුම් ගැනීමට අපහසුය. ඉංග්‍රීසි කාලච්ඡේදයේ දී ඉහත කී පරිදි උපදෙස් දුන් විට ඔහුට නියමිත තැන  සොයා ගැනීමට අපහසුවේ. එය සොයා දෙන්නේ ඔහු ළග සිටි වෙනත් ළමයෙකි.

ලිවීම හා කියවීමේ දුර්වලතාවයත් උපදෙස් පිළිපැදීමේ අපහසුතාවයත් නිසා ඔහු පාඩමට අවධානය යොමු නොකරයි. අවට පරිසරයේ  ඔහුගේ සිත් ගන්නා දෙයට අවධානය යොමු කරයි. ඉෂාන්ගේ ගැටළුව හඳුනා නොගැනීම නිසා ගුරුවරුන් සිතන්නේ ඔහු අදක්ෂ බුද්ධි හීන දරුවකු ලෙසය. මේ නිසාම ඔහු නිතර දඬුවම් වලට ලක්වේ. නමුත් ඉෂාන්ට දඬුවමින් තම ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකියාව නොලැබේ. මේ නිසා දෙමාපියන් තීරණය කරන්නේ එකම විකල්පය නේවාසික පාසලකට ඉෂාන් යොමු කිරීමයි.

නේවාසික පාසලේ දී දෙමාපියන්ගේ සහ සොහොයුරාගේ ආදරය අහිමිවීමත් ඉගෙනීම එපාවීමත් නිසා දැඩි මානසික පීඩනයට පත් වන ඉෂාන් කතා බහ කිරීම පවා නවත්වයි. පොත් පත් සියල්ල කුණු කූඩයට දමයි. ඔහු වඩාත් ප්‍රිය කළ මෙන්ම දක්ෂතා දැක්වූ චිත්‍ර ඇඳීම පවා නවතා දමයි. නිවාඩුවට නිවසට ගිය විට ඔහුට ත්‍යාග වශයෙන් ලැබෙන පාට කූරු දිය සායම් පවා පසෙක තබයි.

නිර්මාණශීලී ගුරුවරයාගේ කැපවීම  හා නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් ඉෂාන්ගේ ගැටළුවට පිළියම් යෙදීම.

නිකුබ් නම් ගුරුවරයා  පාසලට පැමිණෙන්නේ තාවකාලික චිත්‍ර ගුරුවරයෙකු ලෙසිනි. ඔහු පන්තියට ප්‍රවේශ වීම පවා නිර්මාණශීලීය.


බටනලා වාදනයක් උපයෝගී කරගනිමින් ගායනයක් හා නර්තනයක යෙදෙමින් සියළුම දරුවන්ගෙ අවධානය යොමු කරගනිමින් ඔහු පන්තියට පිවිසෙයි. නමුත් ඉෂාන්ගේ අවධානය ඔහුට යොමු නොවේ. ඒ තරමටම ඔහු මානසිකව පීඩනයකට ලක්ව ඇත. ඉෂාන් ගුරුවරයාගේ අවධානයට යොමු වන්නේ පන්තියෙන් පිටතට දමා තිබියදීය. ඉන් පසුව ඔහු ඉෂාන්ගේ හොඳම මිතුරාගෙන් ඉෂාන්ගේ ගැටළුව පිළිබඳ විමසයි. ඉන් අනතුරුව ඔහු ඉෂාන්ගේ පාසල් පොත් පරීක්ෂා කර බලයි. නිකුබ්, ඉෂාන් ඩිස්ලෙක්ෂියා තත්වයෙන් පෙලෙන බව හඳුනා ගනී. ඉන් නොනැවතෙන ඔහු නිවසට ගොස් ඔහුගේ දෙමාපියන්ට ඉෂාන්ගේ ගැටළුව අවබෝධ කර දීමට උත්සාහ කරයි. ඉෂාන් චිත්‍ර සහ  නිර්මාණශීලී ක්‍රියාකාරකම් වලට දක්ෂතා දක්වන බව නිකුබ් වටහා ගන්නේ අහම්බෙනි.
පාසලට යන නිකුබ් ඉෂාන්ට වෙනම අවධානය යොමු කරමින් ඉගැන්වීමට අවශ්‍ය ඉඩකඩ සලසා ගනී.

ඉෂාන්ගේ දෙමාපියන් හමු වී මුලින්ම පන්තියට පැමිණි දවසේ නිකුබ් දරුවන්ට කියා දෙන්නේ ඩිස්ලෙක්ෂියා තත්වයෙන් පෙලුණ ලෝකයේ සුවිශේෂී පුද්ගලයන් පිළිබඳවයි. මේ නිසා තම තත්වය තමාට පමණක් නොව ලෝකයේ සුවිශේෂී පුද්ගලයන්ට පවා තිබුණ බව දැන ගන්නා ඉෂාන්ට එය සාමාන්‍ය තත්වයක් බව අවබෝධ වේ. සෑම පන්තියක දීම මුහුණ බිමට හරවා ගෙන සිටින ඉෂාන් පාඩමට අවධානය යොමු කරන්නේ එදිනය. ඒ ඔහුට ඇති ගැටළුව පිළිබඳ ගුරුවරයා කතා කළ අවස්ථාවේ දීය. තමාට ද ඉෂාන්ගේ ගැටළුව කුඩා කාලයේ පැවති බව නිකුබ් ඉෂාන්ට පැවසීම නිසා ඔහුට ගුරුවරයා කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගෙයි.

මී ළඟට නිකුබ් ළමයින් යොමු කරන්නේ පරිසරයෙන් අහුලා ගන්නා ඕනෑම දෙයකින් නිර්මාණයක් බිහි කරන්ටය. ගුරුවරයාගේ පැහැදිලි කිරීම් නිසා යම් ආත්ම අභිමානයක් ඇති වන ඉෂාන් විල අවටින් අහුලා ගත් ලට පට වලින් වතුරේ ඉදිරියට ගමන් කළ හැකි බෝට්ටුවක් සකස් කරයි. එය ගුරුවරයාගේ පැසසීමට බඳුන්වෙයි. අනිත් ළමයින් ද ඉෂාන්ගේ අපූර්ව නිර්මාණය අගය කරන්නට පොළඹවයි. මේ අයුරින් නිකුබ් බිඳවැටී තිබූ ඉෂාන්ගේ මනස යථා තත්වයට පත් කරන්නට වෙහෙස ගනී.

තමන්ගේ විවේක වෙලාව ද කැප කරමින් නිකුබ් ඉෂාන්ට ඉගැන්වීමට වෙහෙසෙයි. මුලින්ම ඔහු ඉෂාන්ගේ ගැටළුව ඔහුට වටහා දෙයි. මුලින්ම ඉෂාන් ලවා වැලි පීල්ලක අකුරු ලියවයි. මී ලඟට ඔහු වඩාත් ප්‍රිය කරන දිය සායම් භාවිතා කරමින් අකුරු විවිධ වර්ණයෙන් අඳින්නට උදව් කරයි.ඉලක්කම් අකුරු මුලින්ම විශාල කොටුවක ලියා ක්‍රමයෙන් කුඩා කොටුවල ලියන්නට හුරු කරයි. මී ලඟට ශ්‍රවණ උපකරණ භාවිතා කරමින් කුඩා කුඩා ඡේද කියවන්නට යොමු කරයි. අතේ ඇඟිලි වල සියුම් ස්නායු උත්තේජනය කරන්නට ක්ලේ වලින් විවිධ රූප සකස් කරන්නට ද යොමු කරයි. ඉෂාන් චිත්‍ර විෂයට මහත් සේ ඇළුම් කරන නිසා පෝල් ගොගෑන් වැනි චිත්‍ර ශිල්පීන් පිළිබඳ පොත් ද, කුඩා කුඩා කවි ඡේද කියවන්න යොමු කරයි. ඉන් පසු ඉෂාන් අකුරු පිළිබඳ මනා අවබෝධයෙන් ලියන්නට යොමු කිරීම කරයි. මේ අයුරින් නිකුබ් නම් දක්ෂ නිර්මාණශීලී ගුරුවරයා ඉෂාන්ගේ අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව වර්ධනය කරයි.

තවදුරටත් ඉෂාන්ගේ ආත්ම අභිමානය වර්ධනය කිරීමට නිකුබ් පාසලේ ගුරුවරුන් හා ළමයින් එකතු කරගෙන චිත්‍ර තරඟයක් පැවැත්වීමට කටයුතු කරයි. එදින උදෑසන අවදි වන ඉෂාන් තනිවම ඇඳ පැළඳ ගනී. දැන් ඔහුට කමිසයේ බොත්තම් දැමීමටත් ලේස් ගැටගැසීමටත් තනිවම තම කටයුතු කර ගැනීමටත් හැකියාව ඇත. ඔහු පොකුණ අසලට ගොස් පොකුණේ ස්වභාවය දෙස බොහෝ වෙලා බලා සිටී. චිත්‍ර තරඟය සඳහා ඉෂාන් පැමිණෙන්නේ අවසන් මොහොතේ ය. නිවාඩු කාලයේ නිවසට ගිය පසු තෑගි දුන් දියසායම් පෙට්ටිය ඔතා තිබූ කොල පවා ඔහු ඉවත් කරන්නේ එදිනය. මෙයින් පැහැදිලි වන්නේ ඉෂාන් නේවාසික පාසලට පැමිණි පසු චිත්‍ර ඇඳීම නතර කර තිබූ බවත් යලිත් චිත්‍ර ඇඳීම ආරම්භ කළ බවත්ය. එනම් ඔහු මෙතෙක් සිටි මානසික පීඩාව ඉවත්වීම මෙයින් නිරූපනය වේ.

මෙහිදී නිකුබ් අපූරු දෙයක් කරයි. එනම් ගුරුවරුන්ට චිත්‍ර ඇඳීමට වෙන් කළ ස්ථාන වල අදාල ගුරුවරුන්ගේ රූප උපහාසය මතු වන කාටූන් චිත්‍රයකින් දක්වා තිබීමයි.  මේ නිසා වෙනදා දරුවන්ට දඬුවම් දුන් දරුවන්ගේ නොහැකියාවන්ට උසුළු විසුළු කළ ගුරුවරුන්ට උසුළු විසුළු කරන්නට දරුවන්ට ද අවස්ථාවක් ලබා දීමයි. ගුරුවරුන් මෙයින් කෝප නොගෙන ඔවුන් ද විනෝද වේ.

තම චිත්‍රය ඇඳ අවසන් කරන ඉෂාන් ගුරුවරයා වෙත යන විට ඔහු දකින්නේ ගුරුවරයා විසින් තමන්ව සිතුවමට නගා ඇති ආකාරයයි. එම අවස්ථාව ඉෂාන්ට තම ගුරුවරයා කෙරෙහි වූ ගෞරවයත් ආදරයත් වැඩි කරන සංවේදී මොහොතකි.

චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කරන්නේ ඉෂාන්ය. මෙයින් නිකුබ් බොහෙවින් සතුටටපත් වේ.ඔහුට අවශ්‍ය වන්නේත් ඉෂාන්ගේ ආත්ම අභිමානය වර්ධනය කරමින් ඔහු දක්ෂයෙකු බව සමාජයට හෙළි කරන්නයි. නිකුබ්ගේ අරමුණ ඔහු සිතුවාටත් වඩා හොඳින් ඉටුවෙයි. ඉෂාන් පාසලේ වැඩ කටයුතු ද හොඳින් සිදු කරමින් ඉතා වේගවත් ප්‍රගතියක් පෙන්වයි. ගුරුවරයාගේ අදහස් වලට මුලදී විරුද්ධ වූ ඉෂාන්ගේ පියා ද අවසානයේ දී නිකුබ්ට ස්තූතිය පළ කරයි.

මේ කතා පුවත විද්‍යාත්මකවත් හේතුඵල සම්බන්ධතා සහිතවත් නිර්මාණශීලීව සකස් කර ඇත. සියවරක් නැරඹුවද සෑම අවස්ථාවක දීම අළුත් යමක් සිතන්නට අප පොළඹවයි.

අමීර් කාන්ගේ නිර්මාණශීලී වෑයම බොහෙවින් සාර්ථකව ඇත. ඉෂාන් ලෙස රඟපෑම් කරන දර්ශිල්ගේ දක්ෂතාව ද විශිෂ්ට මට්ටමේ පවතී.

තාරේ සමීන් පර් හි ඉෂාන් වැනි දරුවන් අප රටේ සෑම පාසලකම, සෑම පන්තියකම ඇත. ඔවුන් බොහෝ දෙනා ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ නොදැනුවත් කම නිසා දඬුවම් වලට ලක්වීම ද අදක්ෂයින් මෝඩයින් ලෙස හංවඩු ගැසීම ද සිදුවේ. මේ නිසා මෙවන් දරුවන් පාසල් හැර යාම හෝ වසර ගණනක් අධ්‍යාපනය ලැබ අකුරක් හෝ නොදැන පාසලෙන් ඉවත්වීම සිදුවේ. ඉෂාන් පන්තියේ වැඩ නොකල දිනක පාසලෙන් පිටවී තැන ඇවිදියි.එහිදීඉ ඔහු සාමාන්‍ය සමාජයේ විවිධත්වය හදුනා ගනියි.ඔහු ඒ අත්දැකීම් චිත්‍රයට නගයි. නමුත් ඔහු ට අපයෝජන වලට මුහුණ දෙන්නට හෝ වෙනත් අනතුරකට මුහුණ දෙන්නට ඉඩ තිබුණි. වාසනාවකට ඔහුට කිසිදු අනතුරක් සිදුවූයේ නැත. පාසලෙන් පැන යන සෑම දරුවෙක්ම ආරක්ෂිත  නොවේ. ඔවුන්ව අපයෝජනය කරන්නට අපචාර කෙරෙහි පොළඹවා ගන්නට ඇතැම් නරුමයින් බලා සිටී.

අකුරු කියවීමට ලිවීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ අනාගතය අඳුරුය. ඔවුන් තුළ පැවති උපන් හැකියාවන් ද පාසල් අධ්‍යාපනය නිසා සැඟවී යයි. එනිසා සියළුම ගුරුවරුන් විදුහල්පතිවරුන්, දෙමාපියන් ළමයින් සමඟ කටයුතු කරන සියළුම වෘත්තිකයන් ඩිස්ලෙක්ෂියා නම් අක්‍රමතාව පිළිබඳ පිළිබඳ අවබෝධයක් ද ලබා ගෙන “ තාරේ සමීන් පර් “ චිත්‍ර පටය නැරඹිය යුතුය.  අවම වශයෙන් එහි සඳහන් වන උපක්‍රමවත් භාවිතා කරමින් ඩිස්ලෙක්ෂියා තත්වය මගහරවා ගැනීමට උත්සාහ කළ යුතුය.

---------- චාමිකා ජනානි ද සිල්වා BA, Diploma of Counselling & Psychotherapy------------

Monday, August 20, 2018

---දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ නොදැනුවත් භාවය නිසා පාසල් අධ්‍යාපනය අතහැර යන ළමයි--




“අපේ ගමේ පුංචි දුවෙක් පාසල් යන්නේ නැහැ “ එක්තරා ගමක වෙසෙන කාන්තාවක් මට දැනුම් දුන්නා. ඇය කියූ තොරතුරු අනුව මම පාසල් නොයන දරුවා හමුවීමට ඔවුන්ගේ නිවසට ගියා. දිවා කාලයේ ඔහු සිටියේ මිත්තණිය සමග. එදිනත් පාසල් නොගිය නිසා ඔහු තනිවම සෙල්ලම් කරමින් සිටියා. අපි ඇයට දිලංකා යැයි කියමු.
මුලින්ම මගේ ඇස ගැටණේ සාලයේ මේසයක් උඩ තිබුණු චිත්‍ර පොතයි.
“දිලංකා දුව චිත්‍ර අඳින්න ගොඩක් ආසයි වගේ. මට පෙන්නන්නකො ඔයාගෙ චිත්‍ර."
දිලංකා ඉතා කැමැත්තෙන් තම චිත්‍ර පොත රැගෙන ආවා. දිලංකා විසින් ඇඳ තිබූ චිත්‍ර ඉතාම නිර්මාණශීලියි. ඒවා 5 වසරේ දරුවෙක්ගේ චිත්‍ර වලට වඩා පරිණත බවක් පෙන්නුවා. ඇය තමන් නරඹන ලද කාටුන් වල චරිත පවා සිතුවමට නගා තිබුණා. චිත්‍ර පිළිබඳ ප්‍රශංසා කිරීම නිසා මා සමග මිත්‍ර වුණ දිලංකා පාසල හා පන්තියේ ඉගෙනුම් කටයුතු පිළිබඳ විමසන විට නිහඬ වුණා. ඇයට පන්තියේ මිතුරු මිතුරියන් සිටියේ නැහැ.
5 වසර පන්තියේ ඉගෙන ගත් දිලංකාගේ සටහන් පොත් පරීක්ෂා කිරීමේ දී ඇගේ අකුරු වල බොහෝ අඩු පාඩු දකින්නට ලැබුණා. ඇගේ සටහන් පොත් වල වැඩි ප්‍රමාණයක් තිබුණේ රතු පෑනෙන් අඳින ලද ඉරි, වැරදි සකස් කිරීම් හා වැරදි. මම ඇගෙන් සිංහල පාඩම් පොත රැගෙන මුල්ම පාඩමේ ඡේදයක් කියවන ලෙස පැවසුවා. ඇයට ඇතැම් වචන කියවීමට අපහසු වුණා.
ඇය චිත්‍ර සඳහා දක්ෂ නිසා ඇයට කුඩා ක්‍රියාකාරකමක් ලබා දුන්නා. හිස් කොලයක් ගෙන එය දෙකට බෙදා එක් පසෙක ඇය වඩාත් ආදරය කරන පුද්ගලයා සහ අනෙක් පස ඇය අකමැතිම පුද්ගලයා අඳින ලෙස ඇයට පැවසුවා. ඇය තමන් වඩාත්ම ආදරය කරන පුද්ගලයා ලෙස මවත් අකමැතිම පුද්ගලයා ලෙස  පන්තිභාර ගුරුතුමියත් ඇඳ තිබුණා. පන්තිභාර ගුරුතුමිය අකමැතිම කෙනා වුණේ ඇයි දැයි මා ඇගෙන විමසුවා. ඇය නිහඬවම ජනේලයෙන් එපිට බලා සිටින්නට වුණා. ඇය ඊට පිළිතුරක් දුන්නේ නැහැ. ස්වල්ප වෙලාවකට පසු ඇගේ මව නිවසට පැමිණියා. දිලංකා පාසල් යාම නතරවීමට ආසන්නතම හේතුව දැන ගැනීමට මම ඇගේ මවගෙන් ඒ පිළිබඳ විමසුවා. දිනක් පන්තිභාර ගුරුත්මිය දිලංකා ගෙදරින් දුන්න වැඩ කරගෙන පැමිණියේ නැතැයි කියා කෝටු පහර දී තිබෙනවා. එමෙන්ම ඇගේ පන්තියේ ළමයෙකුට ගුරුතුමිය තදින් පහර දෙන ආකාරය දැක ඇති ඇය බියපත්ව තිබෙනවා. මෙම සිදුවීමට පසුවදා සිට ඇය පාසල් යාම තද බව ලෙසම ප්‍රතික්ෂේප කර තිබෙවා.

දිලංකාගේ සිදුවීම පිළිබඳ විමසීමට මා පන්තිභාර ගුරුතුමිය හමුවුණා. ඇය පැවසුවේ දිලංකා පන්තියේ සිටින දුර්වලම ළමයින්ගෙන් කෙනෙක් බවයි. ඇයගේ ලිවීම කියවීම ඉතා දුර්වල මට්ටමක පවතින බව ඇය උදාහරණ සහිතව පෙන්වා දුන්නා. දිලංකාගේ දුර්වලතාවන් අනුව ඇය ලිවීම හා කියවීම පිළිබඳ අක්‍රමතාව හෙවත් Dyslexia තත්වයෙන් පෙළෙන බව මට වැටහුණා. නමුත් ගුරුතුමිය විශ්වාස කළේ ඇයට දඬුවම් දීම මගින් ඇයව යථා තත්ත්වයට ගත හැකි බවයි. දිලංකාට වෙනම අවධානය යොමු කරමින් ඇයට ඉතා සරළව ඉගැන්විය යුතු බව පෙන්වා දුන්නත් ශිෂ්‍යත්වය නැමැති කඩඉම හා තරඟයක යෙදෙන ගුරුතුමියට එක දරුවෙකු වෙනුවෙන් කාලය යෙදවීම ඉතා අපහසු දෙයක් වුණා. එමෙන්ම ඇය සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමය හා දඬුවම් දීමෙන් සියලුම දරුවන් වෙනස් කළ හැකි බව තදින් විශ්වාස කරන අයෙක්.ඇගේ මතය වෙනස් කිරීම ඉතා අපහසු බව මට වැටහුණා.
දිලංකා ට ඇති ගැටළුව වන ලිවීමේ හා කියවීමේ අක්‍රමතාව නොහොත් Dyslexia පිළිබඳව විමසා බලමු. මෙම තත්වයේ ප්‍රමුඛ ලක්ෂණය වන්නේ ලිවීමේ හා කියවීමේ දුර්වලතාවයයි. Dyslexia ස්නායුමය හා ජානමය හේතූන් නිසා ඇති විය හැකි රෝග තත්වයකි. මොවුන්ට තමන් කියවන දෙය වටහා ගැනීමත් වචන නිවැරදිව ශබ්ද කිරීමත් ලිවීමත් අපහසුයි. නමුත් මෙය බුද්ධිමත්භාවයේ දුර්වලතාවක් නිසා ඇති වන්නක් නොවේ.

රෝග ලක්ෂණ

  • ·         කියවීමේ අපහසුතාවය

අකුරු හඳුනා ගැනීම, අකුරු එක්කොට වචන තැනීම ආදිය අපහසුය.
  • ·         වර්ධන අවධීන්ගේ පසු කිරීම ප්‍රමාද වීම

අදාල වයසට අනුව දණ ගෑම, ඇවිදීම, කතා කිරීම ආදී සංවර්ධන අවස්ථා පමා වීම.
  • ·         සෙමෙන් ඉගෙන ගැනීම
  • අක්ෂර මතක තබා ගැනීම හා ඒවා ශබ්ද කිරීමට කල් ගත වීම. 

සතියේ දින , මාස, වර්ණ ආදිය මතක තබා ගැනීම අපහසු වීම.
  • ·         සම්බන්ධතා දුර්වල වීම.

අත හා ඇස අතර සම්බන්ධය  පවත්වා ගැනීම දුර්වලය. උදා - පන්දු රැකීම වැනි.
ක්‍රීඩාවන වලදී අදක්ෂ වීම, අපිලිවෙල.
  • ·         වම හා දකුණ හඳුනා ගැනීම ව්‍යාකූල වීම
  • ·         ඉලක්කම් ආපස්සට ගණන් කිරීම නොහැකි වීම.
  • ·         වචන අකුරු මතක තබා ගැනීම අපහසුය.

බොහෝ විට ඉගෙන ගන්නා වචන අකුරු ඊලග දවසේ අමතක වේ.
·         සමහර වචන උච්ඡාරණය කිරීමේ අපහසුව
·         අවධානය එක තැන රඳවා ගැනීමේ අපහසුව
·         ප්‍රතිශක්ති දුර්වලතාවයන්ගෙන් පෙළීම.
පීනස,ඇදුම වැනි රෝග වලින් පෙළීම.

ප්‍රතිකාර -
·          විශේෂ අධ්‍යාපනය සඳහා පුහුණුවූ ගුරුවරයෙක් යටතේ ඉගැන්වීම.
·         නිරන්තරයෙන් කියවීම ලිවීම සහ ක්‍රියාකාරකම් සඳහා මග පෙන්වීම හා උදව් කිරීම.
පන්තිකාමරයක දී මෙවන් දරුවන් සඳහා වෙනම අවධානය යොමු කරමින් ඉගැන්විය යුතුය. වචන කෝෂය දියුණු වන සේ පියවරෙන් පියවර කියවීම හා ලිවීම පුහුණු කිරීම.
·         ආත්ම සම්මානය ඇති වන සේ ඔවුන් දිරි ගැන්වීම, දක්ෂතා ඇගයීම.
·         උපදේශනය අවශ්‍ය වන්නේ නම් උපදේශනය කරා යොමු කිරීම.

ලංකාවේ පවතින විභාග පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමය තුළ මෙවැනි සෙමෙන් ඉගෙන ගන්නා ඉගෙනුම් අක්‍රමතාවන් සහිත දරුවන් පාසල් අධ්‍යාපනයෙන් හැලී යා හැකිය.
විභාග ප්‍රතිඵලය මත අධ්‍යාපනය මැනෙන බැවින් දරුවන්ගේ අසමත්වීම් මගින් ගුරුවරයා දුර්වල අයෙකු බවට ලාංකික අධ්‍යාපන ක්‍රමයේ දී  ලේබල් වනවා. ඉන්පසු සිසුන් අසමත් වීමට හේතූන් පවා දක්වන්නට ගුරුවරුන්ට සිදු වනවා. මේ නිසා ගුරුවරුන් උත්සාහ ගන්නේ දරුවන් සියලු දෙනා විඪාග සමත් කරවීමටයි. මේ තුළ මානසික පීඩනයට පත් වන ගුරුවරයා තමන් බලාපොරොත්තු වන මට්ටමට පැමිණීමට අසමත් වන දරුවන් දඬුවම් ලබා දී හෝ රැගෙන ඒමට ඔවුන් උත්සාහ ගන්නවා. මෙහිදී සෙමෙන් ඉගෙන ගන්නා ළමයින් සාධනීය මට්ටමට පැමිණීමට අසමත් වන විට ඔවුන්ට අවමන් කිරීම, පහර දීම හෝ වෙනත් දඬුවම් ලබා දීම සිදු වෙනවා. මෙයින් සිදු වන්නේ ඉගෙනුම් අක්‍රමතා සහිත දරුවන්ට අධ්‍යාපනය අප්‍රියජනක දෙයක් වීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය එවැනි දරුවන් පාසල් අධ්‍යාපනයෙන් හැලීයාම විය හැකියි.

දිලංකා ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු පාසල් යැවීම අපහසු කරුණක් වුණා. ඇය ට අධිවේගී අධ්‍යාපන ක්‍රමයත්  ගුරුතුමියගේ දඬුවම් දීමත් දරා ගැනීමට අපහසු වුණා. ගුරුතුමිය පිළිබඳව ඇය තුළ පැවති අසීමිත බිය තුරන් කිරීම සඳහා ඇගේ මනස සකස් කර ගැනීමට කාලය අවශ්‍ය වුණා. ඇය දැන් උපදේශනයට යොමු වී තම අධ්‍යාපන කටයුතු වලට නැවතත් සෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙමින් සිටිනවා.
දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අනවබෝධය නිසා මෙවන් දරුවන් බුද්ධිහීන දරුවන් ලෙස සලකා නොසලකා හරිනවා. නමුත් ඔවුන්ගේ බුද්ධිමත්භාවයේ කිසිදු අඩුපාඩුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් තුළ පවතින ලිවීමේ කියවීමේ අක්‍රමතාවය නිසි මග පෙන්වීමක් යටතේ යථා තත්වයට ගැනීමට හැකියි. මේ සඳහා කදිම උදාහරණය හින්දි සිනමාවේ අති විශිෂ්ඨ සිනමා පටයක් වන “ තාරේ සමීන් පර්“ චිත්‍රපටයයි. එමගින් Dyslexia නිසා වරදවා වටහා ගන්නා මානසිකව ඇද වැටෙන දරුවකු යථා තත්වයට ගන්නා ආකාරය මැනවින් පෙන්වා දී තිබෙනවා.
අප වැඩිහිටියන්, දෙමාපියන්, ගුරුවරුන්, ළමුන් හා කටයුතු කරන වෘත්තිකයන් ලෙස මෙවැනි අක්‍රමතාවන් පිළිබඳ මනා ලෙස දැනුවත්වීම තුළින් අඳුරට යන දරුවන්ගේ ජීවිතයට ආලෝකයක් ගෙන දීමට හැකියාව ලැබෙනු ඇත.

* ආශ්‍රිත ලිපි - Medical News today – https://www.medicalnewstoday.com

--- චාමිකා ජනානි ද සිල්වා ---- Dip of counselling & psychotheraphy

Thursday, July 19, 2018

සුවිශේෂී අරමුණක් කෙරෙහි මනස සුසර කර ගනිමු.

“ අරමුණක් නැති ජීවිතය තෝන් ලණුවක් නැති අශ්වයෙක් වැනිය‘‘ එනම් තෝන් ලණුවක් නැති අශ්වයෙකුට පාලනයෙන් තොරව තමන් හිතන තැනකට යා හැකිය. නමුත් එලෙස අයාලේ ගමන් කිරීම තුළින් ජීවිතය සාර්ථක කර ගත නොහැකිය.

අද බොහෝ දූ පුතුන්ට නිශ්චිත අරමුණක් නැහැ. බොහෝ දෙනා සිටින්නේ “ උපන්නාට මේ ලොව වැනෙනවා විනා“ අයුරිනි. එලෙස සුවිශේෂී අරමුණක් නැති නිසාම ඔබ නොදැනුවත්වම ජීවිතය අඳුරට හෙලා ගන්නවා.

පාසල් වියේ පසුවන ඔබේ මූලිකම අරමුණ විය යුත්තේ අධ්‍යාපනය බව ඔබ හොඳින්ම දන්නවා.නමුත් බොහෝ දෙනා කරන්නේ ප්‍රේම සම්බන්ධතා කෙරෙහි තම සිත යොමු කිරීමයි.

අතීතයේ ආදර හසුනකට සීමා වුණ පාසල් වියේ ප්‍රේමය අද ඇරඹෙන්නේ පැයකට දෙකකට මිලදී ගත් හෝටල් කාමරයක් වෙත යාමෙන්. මෙවැනි ස්ථාන වලදී ඔබේ ජීවිත වලට විය හැකි හානි පිළිබඳ ඔබ දැනුවත් නැහැ. ඇතැම් හෝටල් හිමියෝ හෝටල් කාමරයේ සිදුවන ඔබේ හැසිරීම් රහසේ වීඩියෝ ගත කර සංයුක්ත තැටි වල බහා විකුණති.නැතිනම් පෙම්වතා විසින්ම තම ආදරවන්තියගේ සේයා රූ හෝ වීඩියෝ රහසිගතව තබා ගෙන ඒවා භාවිතා කර  ගැහැණු ළමයින් නැවත නැවත අපයෝජනයට යොදා ගනියි. මේ වීඩියෝ පට සේයා රූ අන්තර්ජාලයට මුදා හැරීම, වෙනත් අයට විකිණීම, දෙමාපියන් හෝ පාසල වෙත යොමු කිරීම හෝ එසේ කරන බව පවසා මුදල් ලබා ගැනීම නැතිනම් වෙනත් අයට ගැහැණු ළමයා විකිණීම වැනි ක්‍රියාවන් නිරන්තරයෙන් ම සමාජයේ සිදු වන බවට වාර්තා වේ.

මෙවැනි හැසිරීම් නිසා ඒඩ්ස්, ගොානෝරියා වැනි රෝග බෝ වීම, අඩු වයස් ගැබ් ගැනීමකට ලක් වීම සිදු විය හැකිය. මේ නිසා සමාජයේ අවමානයට පත් වීම, පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට සිදුවීම නිසා ඔබේ ජිවිතය අඳුරට වැටෙයි.

මේ ප්‍රේම සම්බන්ධතා නිසාම පාසල් වියේ දරුවෝ ද තරුණ තරුණියෝ ද සිය දිවි නසා ගැනීමට හෝ තම පෙම්වතිය හෝ පෙම්වතා මරා දැමීමට ද පෙළඹේ. පාසල් වල නූතන ප්‍රවණතාව වී ඇත්තේ ගැහැණු ළමයින් තමන්ගේ කර ගැනීම සඳහා ආරවුල් ඇති කර ගැනීමයි. මේ ගැටුම් වල දී එක් අයෙක් තවත් අයෙක්ගේ දිවි තොර කිරීමට ගත් උත්සාහයන් ද අසන්නට ලැබේ.

මත් පැන් හා මත් ද්‍රව්‍ය ඔබගේ ජීවිතය විනාශ කරන අනෙක් සාධකයයි. මත් ද්‍රව්‍ය ජාවාරම්  ඉතාමත් සූක්ෂ්ම ලෙස පාසල් දූ පුතුන් වන ඔබව මත්ද්‍රව්‍ය ස‍ඳහා ඇබ්බැහි කර ගැනීමට උපක්‍රම භාවිතා කරනවා.  මෙහි  ප්‍රතිඵලයක් ලෙස   අරමුණක් නැති ජීවිතයක් ගත කරන ඔබ ඇතුළු පාසල් මිතුරු මිතුරියන් ඉතා ඉක්මනින් මත් ද්‍රව්‍ය වල ගොදුරක් බවට පත් වෙනවා.

මත්ද්‍රව්‍ය වල සැබෑ බලපෑම්


එමෙන්ම අවදානම් සහගත ක්‍රියා , වේගයෙන් රිය පැදවීම ආදිය නිසා ද අහිමි වන්නේ ඔබේ සුන්දර වටිනා ජීවිතයයි.

මේ සියලු කරුණකින්ම වැටහෙන්නේ මනුෂ්‍යත්වයේ වටිනාකම මැනවින් අවබෝධ කර නොගෙන අරමුණක් නොමැතිව සිත අයාලයේ යැවීමේ ප්‍රතිඵල නොවේ ද?

සුවිශේෂී අරමුණක් කෙරෙහි මනස සුසර කර ගත්තෙකු කිසි විටෙක තම ජීවිතය අඳුරට ගෙන යන්නේ නැත. තම ජීවිතය යහමගෙහි ගෙන යමින් සාර්ථකත්වය කරා පිය නගන අතර සමාජය  යහපත් සුන්දර තැනක් කරන්නේ සුවිශේෂී අරමුණක් වෙනුවෙන් මනස සුසර කර ගත් අයයි. ඔවුන්ට නිරන්තරයෙන්ම විශ්ව ශක්තීන් ගේ බලපෑමෙන් යහපත උදාවෙනවා.

මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ජීවිතයත් සමාජයත් යහපත් කිරීම සඳහා සුවිශේෂී අරමුණක් තිබිය යුතුයි. මේ සඳහා තමා සතු ශක්තීන් හා හැකියාවන් අවබෝධ කර ගැනීමට හැකි විය යුතුය.

වත්මන් ලෝකයේ සියල්ලම ස්මාර්ට් වී ඇත. ජංගම දුරකතනය මගින් සිතියම් සොයා ගැනීම, රැකියා ස්ථානයේ සිට නිවසේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම, නිවසේ ආරක්ෂාව පරීක්ෂා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම දක්වා සේවාවන් ව්‍යාප්තව ඇත.

ජංගම දුරකතනය ස්මාර්ට් වුවද අපේ අරමුණු ක්‍රියාකලාපයන් අප smart කරගෙන නැත. සුවිශේෂී අරමුණක් කෙරෙහි මනස සුසර කර ගැනීමට නම් අප ස්මාර්ට් අරමුණක් තබා ගත යුතුය.

ස්මාර්ට් අරමුණක පියවර

S - Specific - සුවිශේෂී විය යුතුය
M - measurable - මැනිය හැකිය විය යුතුය
A - Achievable- ළඟා කර ගැනීමට හැකි බව
R - Realistic - යථාර්ථවාදී වීම
T - Time bound - කාල රාමුවක් තිබීම

ඔබේ අරමුණ සුවිශේෂී එකක් විය යුතුය. එය කිසි විටෙකත් සමාජයට හා තමාට හානි කර එකක් නොවිය යුතුය. සමාජයට හා තමාට හානිකර අරමුණු  ( උදා - මත් ද්‍රව්‍ය මගින් මුදල් ඉපයීම වැනි)ඉටු කර ගැනීමට යාමේ දී එය සාර්ථක එකක් බව පෙනුණ ද එහි අවසානය සමාජයට විශාල හානියක් සිදු වනවා මෙන්ම තමන්ට ජීවිතාන්තය දක්වා සිරමැදිරියක ගත කිරීම විය හැකිය. මේ නිසා ඔබේ අරමුණ සමාජයට හා තමාට හිතකර යහපත් අරමුණක් විය යුතුය.

ඔබේ අරමුණ මැනිය හැකි එකක් විය යුතුය. එනම් තම අරමුණ විවිධ කාලයන්ට බෙදා ඒ අනුව තමන් අරමුණ වෙත කෙතෙක් ළඟා වී ඇතිදැයි මැන බැලීමට හැකි විය යුතුය. තමා අරමුණ වෙත ළඟා වීමට සිදු කර ඇති ක්‍රියාකාරකම් වල ප්‍රගතිය මැන බැලීමෙන් අඩුපාඩු සකස් කරගෙන අරමුණ සඵල කර ගැනීමට හැකිය.

ඔබේ අරමුණ ළඟා කර ගත හැකි මෙන්ම යථාර්ථවාදී එකක් විය යුතුය. එසේ නොවීමෙන් සිදු වන්නේ ඔබ අනවශ්‍ය ලෙස මානසික පීඩනයට ගොදුරුවීමයි. ගණිතයට අදක්ෂ අයෙකු තමන් ඉංජිනේරුවෙකු වෙමියි අරමුණක් තබා ගැනීමෙන් කිසි විටෙක සාර්ථකත්වය කරා ළඟා විය නොහැක. තමන් සතු හැකියාවන් හඳුනා ගනිමින් ඒ අනුව ඔබේ අරමුණ තබා ගත යුතුය.

මී ලඟට ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නිශ්චිත කාලයක් තබා ගත යුතුය.

ඉහත කී කරුණු අනුව ඔබේ අරමුණ ස්මාර්ට් කර ගැනීමෙන් සාර්ථකත්වය කරා ළඟා වීමට හැකි වනු ඇත. සුවිශේෂී අරමුණක් වෙනුවෙන්  සුසර කර ගත් විට ඔබ නිසා සමාජයටත් තමන්ටත් කිසිදු හානියක් නොවන අතරම සමාජයටත් තමන්ටත් වටිනා පුද්ගලයෙකු බවට ඔබ පත්වේවි.

අවසන් වශයෙන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවියකින් මෙතෙක් ඔබට කී දෑ හකුලුවා කියන්නම්.

ඇල්මෙන් අකුරට ඇවිදින්
අකුරු ඇහිඳගෙන
කවි පදයක් එක් කරන්න
පාසල් ගීයට.....

ඔබ මෙබිමෙන් අරගෙන යන
පස්මල් පෙති ඇට
යන්න ගිහින් පැල කරන්න
ඔබ ඇති තැන් වල.......

ඒ බිජුවට දළුලා
මල් පීදුණු දවසට
සුවඳ දැනෙයි සිය ගව් දුර
අප ඇති තැනකට.........



සිය ගව්දුර සුවඳ දැනෙන මල් පුබුදුවන්නට ඔබ සැමට සුවිශේෂී අරමුණක් අනුව ජීවතය සකස් කර ගැනීමට හැකියාව ලැබේවා!


---චාමිකා ජනානි ද සිල්වා --- ප්‍රා.ළමා ආරක්ෂක නිලධාරී


Let's focus on a specific purpose.

 

"A life without a purpose is like a horse without a bridle." This means a horse without a bridle can go wherever it wants without control. But life cannot be made successful by wandering like that.

 

Today, many sons and daughters do not have a specific purpose. Most people are like, "If you are born, you will end up in this world." Because you don't have a specific purpose, you unknowingly condemn life to darkness. You know very well that your primary goal in school should be education, but most people focus on romantic relationships.

 

School-age love, which was limited to a love letter in the past, today begins with going to a hotel room for two hours. You are not aware of the possible damage to your life in such places. Some hoteliers secretly take videos of your behavior in the hotel room and sell them on CDs. Otherwise, the boyfriend keeps the photos or videos of his girlfriend secretly and uses them to abuse the girl repeatedly. It is reported that actions such as releasing these videos on the Internet, selling them to others, sending them to parents or schools, claiming to do so and getting money, or selling the girl to others, are constantly happening in society. This kind of behavior can cause diseases like AIDS, gonorrhea, and underage pregnancy. Because of this, being humiliated in society, having to finish school, your life becomes dark. Because of these romantic relationships, school-aged children and young people are also motivated to commit suicide or kill their girlfriend or boyfriend. The modern trend in schools is for girls to fight for their own. In these conflicts, attempts by one person to kill another person are also heard. Alcohol and drugs are the other factors that destroy your life. Drug traffickers use very subtle tricks to get you, the boys and girls, addicted to drugs. As a result of this, your school friends, including you, who lead an aimless life, quickly become victims of drugs. Also, your beautiful, precious life is lost due to risky actions, fast driving, etc. Are not all these facts the results of sending the mind wandering without a purpose and without properly understanding the value of humanity? One whose mind is fixed on a singular purpose never leads his life to darkness. Those who lead their lives on the right path, step towards success, and make society a good and beautiful place are those who have tuned their minds for a special purpose. They are constantly benefited by the influence of universal energies. Every person born in this world should have a unique purpose to improve their life and society. For this, one should be able to understand one's strengths and abilities. Everything in today's world has become smart. Services range from finding maps, operating home machinery from the workplace, checking home security, and purchasing goods through mobile phones. Although the mobile phone is smart, we have not made our target activities smart. To tune the mind towards a specific goal, we need to have a smart goal. "Step into a smart goal."

"S"-Specific

M=measurable

A-Achievable

R - Realistic

T - Time bound  

Your purpose should be unique. It should never harm society or oneself. Although it seems to be successful in achieving goals that are harmful to society and oneself (e.g., making money from drugs), it may end up causing great harm to society as well as spending the rest of one's life in prison. Therefore, your purpose should be a good purpose that is good for society and yourself. Your goal should be measurable. That is, you should be able to divide your goal into different periods and measure how far you have reached the goal. By measuring the progress of the activities that have been done to reach the goal, it is possible to correct the shortcomings and achieve the goal. Your goal should be achievable and realistic. Failure to do so will expose you to unnecessary stress. A person who is incapable of mathematics can never achieve success if he aims to become an engineer. You should identify your own abilities and maintain your purpose accordingly. Next, you need to set a specific time to achieve your goal. By making your goal smart according to the above points, you will be able to achieve success. When you tune in for a special purpose, you will not cause any harm to society or yourself, and you will become a valuable person to society and yourself. Finally, I will summarize what I have told you so far with a poem by Ratna Sri Wijesingha. 

Walking with love

Holding letters

Add a poemTo the school song: 

 

You will be taken here.

Petal seeds

Go and plant.

Where you are 

 

That's a gem.

The day the flowers bloom

The smell can be felt far away.

 

Where we are 

May you all be able to shape your lives according to a unique purpose to bloom the fragrant flowers far away.

----chamika Janani De Silva-----


Tuesday, July 17, 2018

ගුරුවරුන් ගේ හා දෙමාපියන්ගේ නොදැනුවත්භාවය නිසා ජීවිතය වරද්දා ගන්නා ළමයි

පෙර පාසල් ගුරුතුමියක් දිනක් මා හමු වී පැවසුවේතම පෙර පාසලේ සිටින අතිශයින් දඟකාර ළමයෙකු පිළිබඳවයි. මේ දරුවා කෙතරම් දඟකාරදැයි කිවහොත් ඔහුගෙන් නිරන්තරයෙන් අනික් ළමයින්ට නිතර හිරිහැර සිදුවුණා.පෙර පාසල් ගුරුතුමියටවත් ඔහු ව පාලනය කර ගැනීමට නොහැකි විය. ඔහුට අපි දසුන් යැයි කියමු. දසුන් ව පෙර පාසලෙන් ඉවත් කරන ලෙස අනිත් දෙමාපියන් නිතර ඇයට පවසන්නට විය. නමුත් ඇය දසුන්ව පෙර පාසලෙන් ඉවත් කිරීමට කැමති වුණේ නැහැ.

‘‘මම කොහොම ද දරුවෙක්ගෙ ජීවිතේ අඳුරු වෙනවා බලාගෙන ඉනනේ? අනේ ඔබ තුමියට පුළුවන් නම් මේ දරුවාගේ ගැටළුව විසඳා දෙන්න“ ඇය කාරුණික ඉල්ලීමක් කළා.

පෙර පාසල් ගුරුතුමියගේ ඉල්ලීම මත දසුන් බලන්නට අපි පෙර පාසලට ගියා. අප යන විට ඔහු සිටියේ ආහාර ගනිමින්. දසුන් බත් ඇට හැම තැනම විසුරවමින් ආහාර ගත්තේ. අවට සිටි ළමයින්ට කෑම වලින් දමා ගසන්නටත් වුණා. මී ළඟට තම අතේ තිබූ ඉඳුල් ඔහු අසල සිටි තවත් ළමයෙකුගේ ඇඳුමේ ඇතිල්ලුවා. දසුන්ගෙ ක්‍රියාව දුටු ගුරුතුමිය දසුන් පන්තියෙන් බවතට ගෙන ගොස් අත් හා මුහුණ සෝදවා අප හමුවට රැගෙන ආවා.

අපි දසුන්ගේ නිවසේ තොරතුරු විමසුවා.එම තොරතුරු වලට පිළිතුරු දුන් ඔහු එක් වරම දිවගොස් මේසයන් පෙරලා දැමුවා. ඉන් පසුව තව ළමයෙකුගෙ මුහුණ හැපුවා. දසුන්ගේ හැසිරීම අනුව ඔහු ADHD තත්වයෙන් පෙළෙන බවට උපකල්පනය කරන්නට හැකි වුණා.

අපි දසුන්ගේ නිවස වෙතත් ගොස් ඔහුගේ හැසිරීම් නිරීක්ෂණය කළා. ඔහු පෙර පාසලේ මෙන්ම තැන තැන දුව පනිමින් තම මවට හිරිහර කරමින් සිටියා. අප ඔහුට වඩාත් සමීප වී කතාබහ කළ පසු අප හා මිත්‍ර වී නිවසේ විවිධ දෑ පෙන්වන්නට පටන් ගත්තා.තම වඩා ගන්නා ලෙස පවසමින් අප වෙත පැමිණියා. මෙහි දී අපට තවත් එක් කරුණක් පැහැදිලි වුණා. එනම් දසුන්ගේ අසීමිත දඟකාරකම් නිසා වෙහෙසට පත් වූ මව ඔහුව නොරුස්සන තත්වයට පත්ව ඇති බවයි.මේ නිසා දසුන්ට දැනෙන ආදරයක් හිමි වුණෙ නැහැ.

පෙර පාසලේ දී හා නිවසේ දී අපගේ නිරීක්ෂණයන්ට අනුව දසුන් මන්ද අවධානිත අධික්‍රියාශීලී  ( Attention Deficit Hyperactive Disorder ) හෙවත්  කෙටියෙන් කිවහොත් ADHD තත්වයෙන් පෙලෙන බව තහවුරු වුණා.

ADHD හි ලක්ෂණ මෙසේ දැක්විය හැකියි.

01. අවධානය අඩු වීම - Inattention


  • නිතරම පාසල් වැඩ හෝ වෙනත් ක්‍රියාකාරකම් වල දී නොසැලකිලිමත්ව වැරදි කිරීම හා අවශ්‍ය තොරතුරු වලට අවධානය යොමු කිරීමට අසමත් වීම.
  •  එක දිගට යම් කාර්යකට හෝ ක්‍රියාකාරකමකට අවධානය රඳවා ගැනීමට නොහැකි වීම.
  • පාසල් වැඩ වල දී අපදෙස් පිළිපැදීමට නොහැකි වීම.
  • නිතරම මානසික පරිශ්‍රමයක් යෙදිය යුතු ක්‍රියාකාරකම් වල නිරත වීමේ අකමැත්ත හා ඒවා මග හැරීම.
  • දෛනික ක්‍රියාකාරකම් ගැන අමතක වීම.
02   අධික්‍රියාශීලී බව - Hyperactive 

  • නිතර නිතර දැඟලීම, බලවත් නොසන්සුන් බව.
  • වාඩිවී සිටීමට අපේක්ෂා කරන මොහොතක නැගිට යාම.
  • නිතර නිතර උස් තැන් වලට නැගීමට තැත් කිරීම.
  • අධික ලෙස කතා කිරීම.
  • ක්‍රීඩා/ ක්‍රියාකාරකම් වල දී තම වාරය එනතුරු සිටීමට අපහසු බව.
  • අනෙක් අයට නිතර බාධා කිරීම.
03. ආවේගශීලී බව - Impulsive

  • ආවේගශීලී බව
  • නිතර නිතර ගැටුම් ඇති කර ගැනීම.
මෙම ලක්ෂණ ස්ථාන දෙකක දී හෝ ඊට වැඩි ගණනක දී දැකිය හැකි නම් ADHD තත්වය ඇති බව පැහැදිලිය. පෙරපාසල් අවධියේ දී මූලිකවම රෝගය හඳුනා ගත හැකිය.

දසුන්ගේ ඉහත කී ලක්ෂණ දක්නට ලැබුණු බැවින් ඔහුව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම කළ යුතු විය. මේ අනුව දසුන්ගේ ගැටළුව ඔහුගේ දෙමාපියන්ට පැහැදිලි කර දිස්ත්‍රික් රෝහලේ මනෝ වෛද්‍ය සායනයට යොමු කරන ලදී.

දසුන්ට ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කරන ලදී. ඔහුගේ අධික්‍රියාශීලී බව අඩු වී සාමාන්‍ය තත්වයට ඔහු පත් වෙමින් සිටී.

දසුන් වැනි අධික්‍රියාශීලී දරුවන් පෙර පාසලේ දීට වඩා පාසලේ දී ප්‍රතික්ෂේප කිරීම් වලට ලක් වේ. අනෙක් ළමයින්ට පහර දීම, නිතර නිතර ආරවුල් ඇති කර ගැනීම, ඉගෙන ගැනීමට උනන්දුවක් නොමැති වීම, පන්ති කමරයේ දී ඉගෙනීමේ කටයුතු වලදී අන් අයට බාධා කිරීම වැනි හේතූන් නිසා මෙවැනි දරුවන් පිළිබඳ නිතර නිතර දරුවන් පිළිබඳ පැමිණිලි දෙමාපියන් වෙත ලැබේ. එමෙන් ම මෙම තත්වය පිළිබඳ ගුරුවරුන්ට හා දෙමාපියන්ට අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන්ව නිතර නිතර කායික හා මානසික දණ්ඩනයන්ට ලක් වේ. නමුත් ඔවුන්ට කායික හා මානසික දණ්ඩනයන් නිසා හික්මීමක් ඇති කර ගැනීමට නොහැකි වීම මත ඔවුන් තව දුරටත් අසරණවේ. එවිට පාසලේ මුරණ්ඩු  එපා කරපු චරිතයක් බවට පත් ව පාසලෙන් නෙරපා හැරිම සිදුවේ. මෙලෙස පාසල් වලින් නෙරපා හැරි ළමයින් පිළිබඳ අප රටේ විවිධ පාසල් වලින් අසන්නට ලැබේ. 

පාසල අප්‍රියජනක ස්ථානයක් වීම මත පාසල අතහැර යන මොවුන් අවසානයේදී මත් පැන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, අපයෝජනයන්ට ගොදුරුවීම , අපචාරී ක්‍රියා වලට යොමු වීම සිදු විය හැකිය. ඇතැම් විට සමාජයට කරදරකාරී අපරාධකරුවකු වීමට පෙළඹිය හැක. 

මේ නිසා අධික්‍රියාශීලී දරුවන් ගේ මානසික තත්වය වටහා ගෙන ඔවුන් නිසි ප්‍රතිකාරයන්ට යොමු කිරීම හා ඔවුන්ගේ හැකියාවන් වටහා ගෙන ඒ සඳහා අවකාශය සලසා දෙන්නේ නම්, අනාගතයේ ඔවුන් අපරාධකරුවන් වීම වළක්වා ගන්නට හැකි වනු ඇත. 

----- චාමිකා ජනානි ද සිල්වා ------






Saturday, May 12, 2018

යහපත් බුද්ධිමත් දරුවෙකු වෙනුවෙන් කැපවෙමු


දරුවකු පිළිසිඳ ගැනීම ඔබගේ ප්‍රේමය සඵලවීමක් මෙන් ම පවුලක් ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වීමකි. ඒ සිහිනය මල් ඵල ගත් ඔබ දෙපල ඔබේ අනාගත දරුවා පිළිබඳ සුවහසක් ප්‍රාර්ථනා එක් කරමින් සිටිනවා ඇති. ඔබේ කුසට පැමිණි ආදරණීය බිළිඳා නිරෝගී බුද්ධිමත් දරුවකු බවට පත්කරන්නට ඔබ පෙරුම් පුරනවා ඇති.මේ මග පෙන්වීම ඔබේ ආදරණීය දරුවා සංවේදී බුද්ධිමත් දරුවකු බවට පත් කර ගැනීමටයි.



සැබවින්ම යහපත් බුද්ධිමත් සංවේදී දරුවකු ලබා ගැනීම සඳහා ඔබ සූදානම් විය යුත්තේ විවාහ වූ දිනයේ සිටයි. යහපත් දරුවකුගේ මවක හෝ පියකු වීමට ඔබ ද ඔබේ චරිතය සකස් කරගත යුතුයි. නිතර කෝප ගන්නා ස්වභාවය, ගැටළු වලදී හැඟීම් වලට වහල් වී කටයුතු කිරීම ආදිය ඔබ වෙනස් කර ගත යුතුයි. පියා දුම්පානයට, මත් පැන් පානයට ඇබ්බැහි වී සිටිනවා නම් එම පුරුදු ක්‍රමයෙන් අඩු කරගනිමින් මත් පැන් දුම්වැටි වලින් සම්පූර්ණයෙන් නිදහස්වීම වැදගත්. මත්පැන් නිසා ගෙදර සාමයට, සතුටට බාධාවන් ඇති වෙනවා. දුර්වල ආබාධිත දරුවන් ඉපදීමටත් හේතුවක් වෙනවා.

සැමියා හා බිරිඳ වශයෙන් සතුටින් සහ ස්නේහයෙන් එකිනෙකාට ගරු කරමින් යහපත් ලෙස මුදල් උපයමින් ජීවත්වන්නේ නම් එවැනි මා පිය යුවලකට උපදින දරුවා ඉතාම පින්වන්තයි, ඥානවන්තයි, බුද්ධිමත්. ඒ නිසා දරුවන් බලාපොරොත්තු වන යුවල යහපත් දරුවකු ලබන්න “ පේ වීම“  කළ යුතුයි.

දැන් ඔබ මවක පියෙකු වීමට සූදානම්ව සිටින නිසා කුස තුළ වැඩෙන දරුවා සංවේදී යහපත් බුද්ධිමත් දරුවකු කිරීමට බොහෝ දේ කළ හැකියි. ඒ සඳහා ඔබට මුදල් වැය වන්නේ නෑ. එයට අවශ්‍ය වන්නේ ඔබේ කැපවීමයි.

මොළය වැඩෙන දින 1000

දරුවකුගේ මොළය වර්ධනයෙන් 80%ක් පමණ වර්ධනය වන්නේ දරුවා කුසතුළ සිටින කාලය ඇතුළත්ව දින දහසක දී බව සොයා ගෙන තිබෙනවා. මේ අනුව දරුවා කුස තුළ සිටින දින 280 ට අමතරව උපත ලැබීමෙන් පසුව වසර දෙක හමාරක කාලය මීට අයත් වෙනවා. මේ කාලය තුළ දී අපගේ පංචේන්ද්‍රියන් හඳුන්වන ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් උත්තේජනය වන දෑ අප කළ යුතුයි. එවිට කුස තුළ සිටින දරුවාගේ ස්නායු ක්‍රියාකාරීත්වය වර්ධනය වී මොළය හොඳින් වර්ධනය වෙනවා.මව ගර්භනීව සිටිය දී “ ළමා කාමරය සකස් කරන්න යැය් ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය පවසන්නේ දරුවාගේ මොළය වර්ධනය කිරීම සඳහා. ඔබ ඉපදෙන්නට සිටින දරුවා වෙනුවෙන් සිදු කරන කාර්යන් කුස තුළ සිටින දරුවාට දැනෙනවා.




ගර්භනී මව විසින් අසන ගීත කුස තුළ සිටින දරුවා අසා සිටිනවා. ගර්භයට මාස 05ක් වන විට දරුවාට අවට පරිසරයේ සිදුවන දෑ ඇසෙන්නට පටන් ගන්නවා. එනිසා ඔබ අසන ගීත යහපත් ගීත විය යුතුයි. සරළ සංගීතය සැකසී ඇත්තේ අපගේ හදවත ගැහෙන රිද්මයට අනුවයි. අද බොහෝ දෙනා අසන වේග රිද්ම ගීත නිසා මනසට විඩාවක් දැනෙනවා. කුඩා කාලයේ වේග රිද්ම ගීත අසන දරුවන් ඉක්මණින් කෝප වන කලහකාරී දරුවන් බවට පත්වෙනවා. සරළ ගීත වලට ඇහුම්කන් දෙන දරුවන් සාමකාමී දරුවන් වෙනවා. මෙහි දී ඔබ අසන ගීත අර්ථවත් වීමත් වැදගත් වේ. මව් ගුණ ගීත, පිය ගුණ ගීත, නැලවිලි කවි, බොදු ගීත සහ දේශාභිමානී ගීත ඇසීම තුළින් දරුවාගේ සිත තුළ මව් පියන් කෙරෙහි ගෞරවය, තම රටට ආදරය කිරීම වැනි යහපත් ගුණාංග ඇති වෙනවා. එමෙන් ම දරුවා නිර්මාණශීලී දරුවකු බවට පත් වෙනවා. එලෙස නිර්මාණශීලී, යහපත්, බුද්ධිමත් දරුවකු වෙනුවෙන් මේ සටහන තබන්නේ.



සරළ සුභාවිත ගීතයකට සවන් දෙන විට අපේ සිත ඇල්ෆා අවස්ථාවට පත් වෙනවා. එහි දී මනස මැනවින් ඒකාග්‍ර වෙනවා.මවගේ නැළවිලි ගීත ඇසෙන විට දරුවා සුවසේ නිසා ගන්නේ එලෙස මනස ඒකාග්‍ර වන නිසයි.

ගර්භනී මව විසින් අසන ගීත පමණක් නොවේ නිවසේ සිදු වන කතා බහ, ඇනුම් බැනුම් මෙන්ම මව විසන් නරඹන රූපවාහිනී නාට්‍ය ආදිය කුසේ සිටින බිළිඳා අසා සිටිනවා. මේ නිසා නිවසේ දී ගර්භනී මවට සුවසේ සිටීමට හැකි වාතාවරණයක්, පීඩාකාරී නොවන පරිසරයක් නිවැසියන් විසින් සකස් කර දිය යුතුයි. රූපවාහිනියේ ප්‍රචාරය වන වෛරය පළිගැනීම සහිත කතා නැරඹීමෙන් වැළකිය යුතුයි. රූපවාහිනියේ ප්‍රචාරය වන වෛරය පළිගැනීම සහිත කතා නැරඹීමෙන් වැළකිය යුතුයි. වර්තමානයේ දරුවන් ප්‍රචණ්ඩකාරී වීමට හේතුව ගර්භනී සමයේ මව විසින් නරඹන වෛරය පළිගැනීම සහිත කතා පුවත් සහ නිවසේ පීඩාකාරී ඝෝෂාකාරී පරිසරය බව මනෝ විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.

ගර්භනී මව විසින් ගන්නා ආහාර ද සෘජුවම දරුවාට බලපාන බව ඔබ දන්නවා. වර්තමානයේ වෙළඳපොලේ තිබෙන ක්ෂණික ආහාර , රස කාරක යෙදූ ආහාර, සිසිල් බීම, කෙටි කෑම ( ෂෝට් ඊස්ට්) ආදිය බෙහොමයක පිළිකා කාරක තිබෙනවා. එමෙන් ම දරුවන් ඒ.ඩී.එච්.ඩී හෙවත් අධි ක්‍රියාශීලී මානසික ඒකාග්‍රතාව අඩු දරුවන් ඉපදීමටත් හේතු වෙනවා. ඒ නිසා කෘත්‍රීම ආහාර නොගෙන ස්වභාවික එළවළු, පළතුරු පමණක් ආහාරයට ගන්න.



දරුවා උපන් පසු වසර දෙකක් වන තුරු මොළය වර්ධනය 80% දක්වා වර්ධනය කරගන්න නම් මුලින් සඳහන් කළ අයුරින් “ ළමා කාමරය සකස් කර ගන්න. දරුවාට ඇසෙන්න දරු නැළවිලි ගීත ගායනා කරන්න. දරුවාට ඇසෙන සේ යහපත් සරළ ගීත වාදනය කරන්න. ඔබට ගයන්නට හැකි නම් ගයන්න.


රූපයේ පෙන්වා දෙන පරිදි අපගේ මොළයේ වම් සහ දකුණු මොළය වශයෙන් බෙදිය හැකියි. එහි දී නිර්මාණශීලීත්වය, රිද්මය, චිත්‍ර ඇඳීම, ගායනය, නර්තනය වැනි සෞන්දර්යාත්මකහැකියාවන් ඇති වන්නේ දකුණු මොළයේ ඇති ස්නායු ක්‍රියාකාරීත්වය වර්ධනය වීමෙන්. සරළ සුභාවිත ගීත ඇසීම, නැලවිලි ගී ගැයීම, ළමුන්ට කතාන්දර කීම මගින් දරුවාගේ දකුණු මොළය වඩාත් හොඳින් උත්තේජනය වනවා.



වම් මොළය මගින් ගණිතමය හැකියාව, තර්කනය,විශ්ලේෂණය වැනි හැකියාවන් වර්දණය කරනවා. මේ සඳහා බටහිර රටවල මව්වරුන් දරුවා කුස තුළ සිටිය දී විවිධ දෑ ඉගෙන ගන්නවා. පොත් කියවීම කරනවා. දරුවකු බුද්ධිමත් වන්නට වම් මොළය හා දකුණු මොළය යන කොටස් දෙකම අවශ්‍ය වෙනවා. එම නිසා වම් හා දකුණු මොළය යන කොටස් දෙකම උත්තේජනය වන්නට අවශ්‍ය දේ කිරීම වැදගත්.



දරුවා ඉපදුණු දිනය වෙනුවෙන් පැලයක් සිටුවන්න. දරුවා වැඩෙද්දී ගස ද වැඩේවි. දරුවා සමගින් ගස ගැනත් ගසේ වර්ධනය ගැනත් ඔහුට තේරෙන පරිදි කියා දෙන්න.


පරිසරයේ සුන්දරත්වය දරුවාට කියා දෙන්න. සමණලයින්, කුරුල්ලන්, විවිධ වර්ණයේ මල් ආදිය දරුවාට පෙන්වන්න. ඉර බැස යන අයුරු, සඳ නැග එන අයුරු දරුවාට පෙන්වන්න. දරුවා නින්දට යන විට කවි සහ කතන්දර කියා දෙන්න


ගර්භනී සමයේ දී සහ දරුවා ඉපදුණු පසු ඉහත සඳහන් කළ කරුණු ක්‍රියාත්මක කළ හොත් බුද්ධිමත් , යහපත් දරුවකු ඔබ දෙපළ අතරින් සමාජයට බිහිවේවි. ඒ සඳහා ඔබ දෙපළට ශක්තිය හා වාසනාව උදාවේවායි පතමු!

චාමිකා ජනානි 
ප්‍රා.ළමා ආරක්ෂක නිලධාරී

Monday, May 7, 2018

හිස් කිරීම හා දෙවෙනියා වීම

එක්තරා මහාචාර්යවරයෙකුට සෙන් දහම ඉගෙන ගැනීමට අවශ්‍ය වුණා. ඔහු සෙන් දහම පිළිබඳව උගන්වන දක්ෂතම ගුරුවරයා සොයා ගත්තා. මහාචාර්යවරයා සෙන් ගුරුතුමා හමුවීමට  ඔහුගේ ආරාමයට යන විට ගුරුතුමා සිටියේ තේ පෝච්චියකින් කෝප්පයකට තේ වත් කරමින්. ගුරුවරයා මහාචාර්යවරයාට අසුන් ගන්නා ලෙස දන්වා තම කාර්ය නොකඩවා කරගෙන ගියා.

“ ගුරුතුමනි, ඔබ ඔය කරන්නේ නිශ්ඵල ක්‍රියාවක්. ඔබ කොතරම් උත්සාහ කළත් තවදුරටත් කෝප්පය පුරවන්න බැහැ. බලන්න, කෝප්පය පිරී ඉතිරී ඒවා බිමත් ඉහිරෙන්නයි යන්නේ“

එවට තමන් කරමින් සිටි කාර්ය නැවතූ සෙන් ගුරුවරයා සිනා සෙමින් මෙසේ ප්‍රකාශ කළා.

 “ මහාචාර්යතුමනි, ඔබත් කරන්නේ නිශ්ඵල ක්‍රියාවක්. ඔබ උගත්කම් මනසේ පුරවා ගත්තෙක් නිසා ඔබට තව දුරටත් අලුත් දෙයක් ඉගෙන ගැනීමට හැකියාවක් නෑ. ඔබට අලුත් යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඔබ ඔබේ මනස හිස් කර ගත යුතුයි“

මේ පුංචි කතා පුවතින් අපේ ජීවිතයට ඉගෙන ගත හැකි පාඩම් රැසක් තිබෙනවා. අප බොහෝ විට සිටින්නේ අපේ උගත්කම් , නිල තල, බලය ආදිය හිසේ පුරවගෙන. මේ නිසා අලුත් දෑ ඉගෙන ගන්නට අපට හැකි වන්නේ නෑ. අපි සමාජය දෙස බලන්නේ අප ඉගෙන ගත් ද්‍රෘෂ්ටි කෝණයන්ට අනුව.මේ නිසා අපට අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් අපි දකින්නේ සාම්ප්‍රදායික විධියට. එයින් අලුත් දෙයක් නිර්මාණය කරන්නට බොහෝ දෙනාට බැහැ.

අපේම පුංචි දරුවන්ගෙන් මෙන්ම අප අවට සමාජයෙන්, අපේ කාර්යාලයේ අයගෙන්, අප හමුවට පැමිණෙ සේවා ලාභීන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්නට හැකියි. නමුත් උගතුන්, ඉහළ නිලධාරීන් යන සිතුවිල්ලෙන් පසුවන තාක් අපට මේ කිසිවෙකුගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නට හැකි වන්නේ නෑ.

එපමණක් නොවේ පරිසරයේ සුන්දරත්වය, කලා කෘතියක අපූර්වත්වය මේ කිසිවක ඇති සුන්දරත්වය විඳින්නට අපට හැකිවන්නේ නැහැ. අපි අපේ මනස හිස් කර ගත්තොත් මේ සියල්ල හොඳින් වින්දනය කරන්න හැකියාව ලැබෙනවා. එමෙන්ම මනස හිස් කර ගැනීම නිසා සිතට පිවිසෙන නැවුම් සිතුවිලි වලින් නව නිර්මාණ බිහි කරන්නටත් අපට හැකියාව ලැබේවි.

අපි උගතුන්, බුද්ධිමතුන්, නිල බල සියල්ල ඇති අය ලෙස හිස පුරවාගෙන සිටීම නිසා අප කිසි විටෙක තව කෙනෙකුට දෙවෙනි වීමට සූදානම් නැහැ.මේ අන් අයගේ මතයන්ට ඇහුම්කන් දීමේ හැකියාවත් ඒවායින් යහපත් දේ උකහා ගැනීමේ නම්‍යශීලී භාවයත් නැති වෙනවා. මේ නිසා ගැටුම් රැසකට මුලපිරීමක් සිදුවෙනවා.

අන් අයගේ මතවලට ඇහුම්කන් දීමත් නම්‍යශීලී වීමත් තවත් අයෙකුට දෙවනි වීමක් ලෙස සිතා අප එය බැහැර කරනවා. ගැටුම් ඇතිවන පාර්ශව දෙකෙහිම අය මෙලෙස අනම්‍යශීලි වුවොත් සිදුවන්නේ ගැටුම තවත් දර දිග යාමක්. මේ නිසා අප දෙවෙනි වීම කළ යුතුයි.

නම්‍යශීලීවීම ආදර්ශයෙන්ම පෙන්වූ උසස්ම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. මෙට හොඳම උදාහරණය ආලවක දමනය. ආලවක දමනය කරන්නට ඔහුගේ නිවහනට වැඩම කළ බුදු රජාණන් වහන්සේ ඔහුගේ අණ කිරීම පරිදි නිවසෙන් එළියට හා ඇතුළට කීප විටක් වැඩම කළා.බුදුන් වෙහෙස කරවා ඵලක් නොවූ තැන ඔහු ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. බුදුරදුන්ගේ පිළිතුරු දීම් හමුවේ ආලවක දමනය වුණා. එමෙන්ම බුදු රජාණන් වහන්සේ අන්‍ය ආගමිකයන්ගේ ආරාම වලට වැඩම කර ඔවුන් හා සුහද පිළිසඳරක යෙදී සිටි බව සඳහන් වෙනවා. උන්වහන්සේගේ ඇසුර ප්‍රිය කළ අන්‍ය ආගමිකයෝ බුදුරදුන් පැමිණෙන තෙක් මග බලා සිටි බව සඳහන් වෙනවා. තමන් ලෝකයේ උසස්ම පුද්ගලයා ලෙස සිතමින් මානයෙන් කටයුතු කිරීමක් කෙදිනකවත් බුදුරදුන් සිදු කළේ නැහැ. එහෙනම් තව කෙනෙකු ඉදිරියේ දෙවෙනි වීම තමන්ගේ ආත්ම ගෞරවය පහතට වැටීමක් නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

අනවශ්‍ය පුහු මතවාද වලිනුත් තමන්ගේ උගත්කම් පාණ්ඩිත්‍යයෙන් හිස පුරවා නෙගෙන කටයුතු කළහොත් ඔබට ඔබේ මනස සුසර කරගෙන ජීවිතයේ සෞන්දර්ය විඳින්නට අවකාශය ලැබේවි.


--- චාමිකා ජනානි ---

Emptying and being second ----

A certain professor wanted to learn Zen. He found the best Zen teacher. When the professor went to meet Master Zen at his monastery, the master was pouring tea from a teapot into a cup. The teacher asked the professor to sit down and continue his work.

 

"Teacher, what you are doing is useless. No matter how hard you try, you can't fill the cup anymore. "Behold, the cup is overflowing and they are going to spill on the floor." Then the Zen teacher stopped what he was doing and said with a smile, "Professor, you are also doing a useless act." Because you have filled your mind with education, you are no longer able to learn anything new. If you want to learn something new, you have to empty your mind. " There are many lessons we can learn from these little stories. We are often filled with our education, official positions, power, etc. in our heads. Because of this, we are not able to learn new things. We look at society according to the viewpoints we have learned. Because of this, we see the events we hear and see in the traditional way. Many people can not create something new from it.

 

We can learn a lot from our own little children as well as from the society around us, from the people in our office, and from the service recipients who come to us. But we will not be able to learn anything new from any of these people as long as we are thinking of scholars and high officials. Not only that, we cannot enjoy the beauty of the environment or the uniqueness of a work of art. If we empty our minds, we can enjoy all this well. And because of emptying the mind, we can create new creations with fresh thoughts entering the mind. We are never ready to be second to others because we are filled with pride in our heads as learned, intelligent, and authoritative people. We lose the ability to listen to other people's opinions and the flexibility to learn from them. Because of this, many conflicts are triggered. We dismiss listening and being flexible as second nature to someone else. If people on both sides of the conflict are inflexible, the conflict will continue to escalate. This is why we should be second. Lord Buddha is the supreme person who exemplified flexibility. The best example of this is dating.

Lord Buddha, who went to his house to control his lover, went in and out of the house several times as per his orders. When the Buddha tried hard, he started asking questions. Alavaka was subdued by the Buddha's answers. Also, it is mentioned that the Lord Buddha visited the monasteries of other religions and engaged in friendly relations with them. It is said that the people of other faiths who enjoyed his company were waiting for the arrival of the Buddha. The Buddha never acted with dignity, thinking that he was the highest person in the world. Then you must now understand that being second in front of someone else is not a drop in your self-esteem. If you fill your head with your knowledge and wisdom, you will be able to tune your mind and enjoy the beauty of life. 

 

 

-------Chamika Janani De Silva
 

 

 


Tuesday, February 27, 2018

අලුත් කණ්ණාඩිය - කෙටි කතාව

තාරකා රාමු නොමැති අලුත් කණ්ණාඩිය ඉතා ප්‍රවේසමෙන් ගෙන දෙනෙතෙහි ලා මේස කණ්ණාඩියෙන් බැලුවා ය. ඇස් කණ්ණාඩියේ රාමු නොමැති නිසා ඈතින් බලන කෙනෙකුට ඈ කණ්ණාඩිය පළඳින බව නොපෙණේ.

තාරකා මුහුණු බලන කණ්ණාඩියෙන් ඒ මේ අත හරවා යළිත් ඒ තුළින් තම මුහුණ බැලුවා ය.
“ නරකම නෑ. කලින් පාවිච්චි කරපු එක වගේ කැතට පෙනෙන්නෙ නෑ.“ ඇය සිතුවා ය.

“ මිස් කණ්ණාඩිය හොඳද? ඇය පියවි ලොවට පිවිසියේ කණ්ණාඩි සාප්පුවේ සේවකයාගේ හඬිනි.

“ ආ! ඔ..ඔව් හොඳයි“

“ අනිත් කණ්ණාඩි වගේ නෙමෙයි, රාමු නැති නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන“

ඇය කණ්ණාඩියට මුදල් ගෙවා වහා සාප්පුවෙන් එළියට ආවා ය.

“ දවල් වැඩට යද්දි මට අලුත් කණ්ණාඩිය දාගෙන යන්න පුළුවන්“ තාරකා කමාට ම මුමුණා ගත්තේ සතුටිනි.

එහෙත් ඇස් කණ්ණාඩිය වෙනුවෙන් වැය කරන්නට සිදු වූ මුදල ගැන ඇයට මතක් විය. එය රුපියල් හයදහසක මුදලකි. හරියටම කිවහොත් තාරකාගේ වැටුපෙන් හරි අඩකි. තාරකා නවාතැන් ගන්නා බෝඩිමට රුපියල් හාර දහසක් ගෙවූ විට ඉතිරි වන්නේ රුපියල් අටදහසකි. කණ්ණාඩිය වෙනුවෙන් රුපියල් හයදහසක් ගෙවූ විට ඉතිරි මුදලින් අමතර ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී අනෙකුත් කටයුතු වලට මුදල් ප්‍රමාණවත් නොවේ. මේ නිසා ඇය සිය මිතුරියක වන අනුෂ්කාගෙන් රු 4000ක මුදලක් ණයට ඉල්ලා ගත්තාය.

“ දැන් නම් මට කවුරුවත්ම හිනා වෙන එකක් නෑ කණ්ණාඩිය ගැන කියලා“

බොරැල්ලෙන් නාරාහේන්පිට බසයට ගොඩ වුණ තාරකා හිස් අසුනක් සොයා අසුන් ගත්තාය. ඇයට තම සේවා ස්ථානයේ මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළු මතකයට නැගුණි.

සේවා ස්ථානයේ පැවති පුහුණු සැසි වල දී මොනිකා, තාරකාගේ කණ්ණාඩිය පැළඳ ගත්තා ය.පුහුණු සැසි වලදී පැවැත් වූ ඇතැම් දේශන නීරස වූයෙන් ඒවා අවසන් වන්නේ කීයට දැයි සිතින් බැණ වදිමින් අපි නොසන්සුන්ව සිටියෙමු. මොනිකා මගේ කණ්ණාඩිය උදුරා ගත්තේ මේ නීරස දේශන වල දී කණ්ණාඩියට මුවා වී කෙටි නින්දක යෙදෙන්නට ය.කණ්ණාඩිය දැමූ විට බොහෝ විට ඈත සිට බලන කෙනෙකුට කණ්ණාඩිය දැමූ පුද්ගලයාගේ දෙඇස පැහැදිලිව නොපෙනේ.
“කණ්ණාඩි අක්කා “, “ කණ්ණාඩි නංගී, කණ්ණාඩි මිසී ආදී නම් වලින් සේවා ස්ථානයේ දී තාරකාව හඳුන්වනු ලැබීය.ඇය හා වරෙක අමනාප වූ මිතුරෙක් තාරකා ඈතින් එනු දැක “ අන්න, කණ්ණාඩි පොළඟී එනවා “ යැයි කියනු ඇයට ඇසින. මේ සියල්ල ඇයට දැඩි මානසික පීඩාවක් ගෙනාවේ ය.

වරක් තාරකා රෝහලේ පිළිගැනීමේ අංශයේ සිටිය දී රෝහලේ කාමර පිළිබඳ විමසීමට තරුණයකු පැමිණ සිටියේ ය.ඔහු පැළඳ සිටි කණ්ණාඩිය රාමු රහිත වූ අතර කදිම හුරුබුහුටි බවකින් යුක්ත විය.එමෙන් ම ඔහු කණ්ණාඩියක් පැළඳ සිටි බව ඈ දුටුවේ ඔහු කවුන්ටරය වෙත ළං වූ පසු ය.

තාරකා තරුණයා හා කතා බහ කරන අතරතුර ඔහුගේ කණ්ණාඩියේ රූපය සිතේ ඇඳ ගත්තා ය. කෙසේ හෝ මෙවන් කණ්ණාඩයක් ලබා ගන්නෙමැයි ඇය අදිටන් කර ගත්තා ය.
...................................................................................................................................................................

“ මියුරු කල්පනා.... නෙතක දැල්වුණා..........“ ජංගම දුරකතනය නාදවන්නට විය.තාරකා සිටියේ දහවල එකේ සේවා මුරයට යන්නට සූදානමිනි. ඇය දුරකතනයට සවන් යොමු කළාය.

“ ආ... කණ්ණාඩි හාමිනේ කොහොම ද? අනෙක් පසින් ඇසුණේ නිලූකගේ හඬයි.

“ හොඳින් ඉන්නවා“

“ ඔයගෙ බෝතල් අඩි කණ්ණාඩි දෙක තියෙනව ද?“ ඔහු උපහාසයෙන් අසයි.

තමන් රාමු රහිත කණ්ණාඩියක් මිලදී ගත් බව නිලූකට කියන්නට සිතුණ ද තාරුකා නිහඬව සිටියා ය.

“ ගමේ ගියාම බලා ගන්නෙ නැතැයි මගේ කණ්ණාඩි දෙක“ ඇය තමන්ටම කියා ගත්තා ය.

“ මොක ද නිශ්ශබ්ද? කවද්ද ගමේ එන්නේ?

“ හෙට උදේ වරුවෙ වැඩ ඉවර වෙලා පිටකොටුවෙන් බස් එකට නගිනවා“ යි කියූ තාරකා වහා දුරකතනය විසන්ධි කළේ සේවා ස්ථානයට යාමට වේලාව ළං වූ නිසාය.

තාරකා සූදානම් වී මගට බැස්සාය. වෙනදා දැකපුරුදු බොහෝ දේ නුපුරුදු ලෙසින් හා නැවුම් ලෙසින් ඇගේ අලුත් කණ්ණාඩියට පෙනෙන්නට විය. කපුටන් තැන තැන ඇහිඳ දමා තිබූ පිළුණු අහර ද බල්ලන්ගේ වසුරුද ඇයට නොපෙනිණ. නගරයේ කුණු කාණු වලින් නැගෙනා දුර්ගන්ධය වෙනුවට රජමහා විහාරය අසල රුක් අත්තන ගහේ මල් වල සුවඳ ඇය අවට සරන්නාක් මෙන් දැණින.

දහවල දැඩි හිරු රෂ්මියත් නගරයේ දූවිල්ලත් විසින් නොසන්සුන් බවට පත් කළ ඇය වෙනදා නාරාහේන්පිට හන්දියෙන් පාර මාරුවීමට සිටියේ අධික නොඉවසිල්ලෙනි. එහෙත් අද ඇයට ඒ කිසිවක් පිළිබඳ නිනව්වක් නොවී ය. රෝහලට හැරෙන අතුරු මාර්ගයට හැරී ගමන් කරන ඇගේ දැහැන බිඳුනේ රෝහල් ගේට්ටුව අසල දී ය.

“ අද මිස් කලින් ම වැඩට ඇවිත් නේද? “ සේවකයන් සඳහා වූ ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි මුරකරුවකු වූ දිසානායක විමසීය.  මුව පුරා පැතුරුණු සිනාවකින් ඔහු ට ප්‍රතිචාර දක්වමින් තාරකා රෝහල වෙතට පිය නැගුවා ය.

පිළිගැනීමේ නිලධාරීන් සඳහා වෙන් කර තිබූ කාමරයට ගිය තාරකා අලුත් කණ්ණාඩි පරෙස්සමෙන් ගලවා තබා වත්සුණු හා තොල් ආලේපන තවරා කොණ්ඩය ගෙඩියක් කොට බැඳ ගත්තා ය.ඇස් කණ්ණාඩිය පැළඳ ගෙන මුහුණ බලන කණ්ණාඩියෙන් මුහුණ බැලුවා ය. මඳක් පසුපසට වී යළිත් කණ්ණාඩිය පැළඳූ මුහුණේ රූසිරි බැලුවා ය. එවිට ම ආයිත්තම් වන කාමරයට පැමිණියේ පිළිගැනීමේ අංශයේ  ජේෂ්‍යඨ නිලධාරිනියක වන නිරෝධා මහත්මිය යි. නිරෝධා තම කාර්ය මණ්ඩලයේ සියලුම ගැහැණුම ළමයින්ට තම දූවරුන්ට මෙන් කුළුපගව සලකන්නිය කි.

“ තාරුකා ! අද නම් මොකක් හරි වෙනසක් තියෙනවා. ඇය තම සුපුරුදු ළයාන්විත ස්වරයෙන් පැවසුවා ය.“

“ කෝ, මේ පැත්තට හැරෙන්න බලන්න! ආ.... ෆ්‍රේම් නැති කණ්ණාඩියක් අරගෙන. දැන් නම් කෙල්ලගෙ මූණට එළිය වැටිලා.“

“ මේ බලන්නකෝ දිනූකා අද තාරුකාගේ ලස්සන“

දිනූකා වඩා උනන්දුවෙන් තාරකා දෙස බැලුවා ය.

“ ආ.. තාරු, ඔයා අලුත් කණ්ණාඩිය ගත්ත ද?

“ තාරුකාගෙ ලස්සන අර පරණ කණ්ණාඩිය නිසා වැහිලා තිබිලා තියෙන්නේ. බලන්නකෝ දැන් මෙයාගෙ ලස්සන!

“ පිරිමි ළමයි එහෙම දැන් මෙයා දිහාම බලයි නේද නිරෝධා මිස්? දිනූකා පැවසුවේ ඇසක් වසා ඉඟි මරමිනි.

“ තාරු, බලන්න..මම ලස්සන ඇඳුමක් ගත්තා. මේ ඒකට ගත්ත කරාබු.. ලස්සනයි නේ ද? දිනූකා ඇගෙනි විමසයි.
කණ්ණාඩිය ගන්නට වියදම් නොකළා නම් තමාත් මෙවැනි අලුත් ඇඳුමක් මිලදී ගන්නවා නොවේ දැයි සිතෙන විට තාරුකාට සියුම් දුකක් දැනුණි.
--------------------------------------------------------------------------------------------------------

තාරුකා උදේ වරුවේ තම සේවා මුරය අවසන් කොට ඇඳ පැළඳ ගෙන වහා බසයට නැගුණේ සවස තුනයි තිහේ බස් රථය අල්ලා ගැනීමට ය. කොළඹ සිට පැය පහක් බස් රථයේ ගමන් කිරීමෙන් පසුව තවත් පැයක් තම ගමට යන බස් රථයේ ගමන් කරන්නට තාරකාට සිදුවේ. ඒ නිසා තාරකා යුහු යුහුව පිටකොටුවෙන් බැස මාතලේ බස් රථය සොයා ගෙන ගියා ය. බස් රථය ගමන් ආරම්භ කරන්නට සැර දමමින් සිටී. තාරකා වහ දිව ගොස් බස් රථයට ගොඩ වූවා ය.ඇගේ දෑස්  බස් රථයේ එහා මෙහා ගමන් කළේ කවුළුවක් අසල ඇති ආසනයක් සොයමිනි. නමුත් කවුළු ආසන්නයේ තිබූ ආසන සියල්ල ම පිරී තිබුණෙන් තමාට ලැබූ අසුනින් සෑහීමට පත් වන්නට සිදු විය.

ටිකට් පත ගත් පසු බස් රථය සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. උදෑසන සිට අධිකව වෙහෙසට පත්ව සිටි තාරකාට දැනුණේ අධික තෙහෙට්ටුව කි. ඇය අලුත් ඇස් කණ්ණාඩිය පැනල් කැබැල්ලෙන් මනාව පිස දමා එහි ආවරණයට දමා අත් බෑගයට දමා ගත්තා ය. තෙහෙට්ටුව නිසා දෑස් පියවෙද්දී කණ්ණාඩිය බිම වැටෙතැයි තාරකා බිය වූවා ය.


තාරකා ඇඳුම් බෑගය උකුල මත තබා ඒ මත හිස තබා නිදන්නට වූවා ය. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. පැය කිහිපයකට පසු තාරකා නින්දෙන් අවධි වූයේ බස් එථය එක් වර ම තදින් තිරිංග තද කළ විට ය. තාරකා දෙනෙත් හැර වටපිට බැලුවා ය.

“ බල්ලෙක් බස් එකට හැප්පෙන්න ගියා“ සෙනග අතරින් කෙනෙක් කියනු ඇසිණ.

තාරකා තමා දැන් සිටින්නේ කුමන නගරයේ දැයි දැන ගැනීමට වට පිට බැලුවා ය. කුඩා අකුරුවලින් සටහන්ව තිබූ නාම පුවරු ඇයට කියවා ගත නොහැකි විය. ඇය කණ්ණාඩිය දෑසෙහි රඳවා යළිත් නාම පුවරු කියෙව්වා ය. බස්  රථය වරකාපොළ නගරය ට සේන්දු වෙමින් තිබුණි. බස් රථය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. වරකාපෙළ බස් නැවතුමේ බස් රථය නැවැත් විය.

“ ආ... වරකාපොළ බහින්න, වරකපොළ ටිකට් ඔක්කොම මෙතනින් බැහැ ගන්න“ බස් කොන්දොස්තරවරයා මහ හඬින් කෑ ගසයි.

තාරකාගේ ්සුනට පිටුපසින් හිඳ සිටි කාන්තාවක් වහා නැගිට බස් රථයේ ඉදිරියට ඇදෙන්නට වූයේ කලබලයෙනි. ඇගේ නොසැලකිල්ල නිසා තාරකාගේ කණ්ණාඩිය ඇගේ අත්බෑගයේ පැටලී වීසි විය. තාරකා කණ්ණාඩිය සොයද්දී දුටුවේ ඉහත කී කාන්තාවගේම අඩි උස් පාවහන් යුවලට පෑගී කුඩු විය.

අනේ ! මගේ අලුත් කණ්ණාඩිය! කියමින් තාරකා තම කණ්ණාඩිය පෑගූ කාන්තාවගේ ඔසරි පොටින් අදින්නට වූවා ය. කලබල වූ කාන්තාව තාරකා දෙසට හැරිණි.

‘‘ ඇයි මොකද?“ කාන්තාව විමසුවේ සැර පරුෂ හඬකිනි.

“ මේ ඔයා මගේ කණ්ණාඩිය පෑගුවා“ තාරකා කීවේ බොඳ වී ගිය හඬකිනි.

“ ආහ්! මේ.... මේ ඔ..ඔයා කණ්ණාඩිය මොකට ද බිම තියලා තිබ්බේ?

“ කණ්ණාඩිය බිම තිබ්බෙ නෑ, ඔයා හදිස්සියේ නැගිටලා යනකොට මගේ කණ්ණාඩිය ඔයාගේ බෑග් එකේ පැටලුණා. ඒක ඔයාට ම පෑගුණා.“ තාරකා පැහැදිලි කලේ ආයාසයෙනි. ඇගේ දෙනෙතට කඳුළු උනමින් තිබිණ.

“ ඔහ් ! මට සමාවෙන්න! මට පරක්කු වෙනවා “ කියමින් කාන්තාව බසයෙන් බැස ගියාය.

“ තාරකාගේ දෙනෙතින් නොකඩවා කඳුළු ධාරා ඇද හැලෙන්නට විය.

ඇය කඳුළු වැකි මුහුණ ඇඳුම් මල්ල මත තබා ගත්තාය.

“ කණ්ණාඩි පොළඟා“, කණ්ණාඩි අක්කා.... සේවා ස්ථානයේ මිතුරන් යළිත් උසුළු විසුළු කරනු ඇයට ඇසෙන්නට විය.ඇය දෑතින් ම දෙකන් වසා ගත්තා ය.