ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිහඬ රැයේ ලොව නිදනා
මා ඔබ මා
ළඟ හිඳිනා
අප දුරින් දුරක හිඳ තනි වේ
නෙත්සරින් පමණි හමු වූයේ
ඒත් ඈත් බවෙහි හද බැඳුණේ
සෙනෙහසේ සොඳුරු බව රැඳුණේ
මධු සඳ යට අපි හමු වීලා
සිටිය ද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබූ සෙනේ සොඳුරු බව සිඳිලා
ගේය පද - ජයලත් මනෝරත්න
සංගීතය හා තනුව - එච්.එම් ජයවර්ධන
ගායනය - බණ්ඩාර අතාවුද
ප්මරේමය තරම් මිනිසා ආශක්ත වන ආස්වාදය කරන කිසිවක් මෙලෝව නැත. විප්ර;යෝගය දැඩි ළසොවක් වන්නේ ද මේ නිසායම ය.ප්රේ්මය කෙතරම් රසඳුනක් වුව ද එය ද අපූර්ව දෙයක් ලෙස හැඟෙනුයේ හිමි කරගෙන ස්වල්ප කාලයක් ගත වන තුරු පමණි.
නෙතින් නෙත මුණ ගැසෙමින් වදනකුදු නොදොඩමින් වුව ද පෙර දා අපූර්ව වින්දනයක් ලැබිණ.වැඩිහිටියන්ගේ දෑස් වලට මුවා වෙමින් කළ ප්රේෙමය සැබවින් ම විචිත්රිය. එකිනෙකා හමුවීම ඉතා අපහසු කටයුත්තක් නිසා අපහසුවෙන් හමු වන එක මොහොතක් වුව මිල කළ නොහැකි අවස්ථාවක් ලෙස එකල පෙම්වතුන් සිතති. මේ නිසා ම ප්මරේමය ද අපූර්ව අනර්ඝ දෙයකැයි ඔවුහු සිතති.
මිනිසා යනු කාම භොගී සත්ත්වයෙකි යි බුදු රජාණන් වහන්සේ වරෙක දේශනා කර ඇත.එනම් මිනිසා ජීව අජීව වස්තු කෙරෙහි බැඳී සිටියි.නොනැවතෙන තරගයක යෙදී සිටින මිනිසා නිරන්තරයෙන් උත්සාහ ගන්නේ භෞතික අභෞතික වස්තූන් තමා සතු කර ගැනීමටයි.කොතෙක් මිල මුදල් යාන වාහන උපයා ගත්ත ද ඉන් සෑහීමට පත්වන්නට මිනිසා ට නොහැකි වී ඇත
මෙලෙස සෑහීමට පත් නොවීම එක් පසෙකින් සමාජයේ දියුණුවට ද හේතු වී ඇත. විවිධාකාරයේ නව නිර්මාණ බිහි වී ඇත්තේ මේ නිසා ය.මිනිසාට පහසුකම් සපයන යන්ත්‍ර සූත්‍ර මේ නිසා බිහි වී ඇත. ඒ නිසා ම මිනිසාගේ අපේක්ෂිත ආයු කාලය දවැඩි වී ඇත. එහෙත් එයිනුත් තෘප්ත නොවූ මිනිසා පෘථිවිය පමණක් නොව අඟහරු ලොවෙහි ද මිනිස් ජනාවාස සෑදීමට පෙළඹී ඇත.ඔවුහු මෙයින් ද තෘප්ත නොවෙති.
බොහෝ විට තමන් ප්‍රිය කරන ජිව අජීව වස්තූන් කෙරෙහි දැඩිව ආශක්ත වන මිනිසා, අදාල දෙය තමා සතු කරගත් පසු ඊට දක්වන ඇල්ම අඩු වී යයි. තමා සතු කර ගන්නා දෙයෙහි වටිනාකම රැඳෙන්නේ එහි නැවුම් බව තිබෙන තෙක් පමණි.
“
ඔබේ රතු මල් එක්ක දිග ගවුම හැඳ එන්න
එලෙස දැක ගන්න ඔබ මහ ද ඉවසුම් නොමැත
සම වුවත් ඔබ නිබඳ
මග තොටෙහි අතර මග
පෙර පැවති උණුසුමෙන්
නුපුබුදියි මගේ සිත
අනඟි රන් පාවහන්න
වැඩ දැමූ කෙස් වැටිය
මිහිරි කන් කළු තෙපුල්
සිනා ආදර සුසුම්
පිරී නොඅඩුව ඇති දු
පෙර විලස සිත මගේ
නො නැග එනු උණුසුමෙන්
කුමක් වී දැයි කියා
මට ම විසඳිය නොහැකි “යනුවෙන් ගුණදාස අමරසේකරයන් ප්‍රකාශ කරන්නේ ද මෙවන්ම අත්දැකීමකි.
ලොව ඕනෑම ජීව අජීව වස්තුවක වටිනාකම රැඳි පවතින්නේ එය හිමි කරගන්තා තෙක් පමණි“ යනුවෙන් කියමනක් ජනයා අතර ඇත. තමා හිමි කරගත් තරුණිය හෝ තරුණයා නීතිමය බැඳීම නිසා තවත් පුද්ගලයෙකු වෙත නොයන බවට ඇති විශ්වාසය එක් හේතුවකි.දරුවන් ලබා වගකීම්, විය පැහැදම් වැඩි වන විට පෙර කී සෞන්දර්ය කෙරෙහි සිත යොදවන්නට ද ඔවුන්ට ඉඩ හසරක් නොලැබේ.එමෙන්ම එකි නෙකාගේ අඩු පාඩු නොගැලපීම් සියල්ල ද පසක් වන්නේ එක්ව ජීවත් විමේ දීය.මේ සියලු හේතූන් නිසා ප්රේොමයේ සේන්දර්ය කෙමෙන් වියැකී යයි. කෙමෙන් වියපත් භාවයට පත් වන විට රූසිරියත් ගත සවියත් වියැකෙයි. ලෝකයේ අනිත්‍ය ස්වභාවය ද පසක් වෙයි. එවිට ප්‍රේමය යනු හදු මානව සබඳතාවක් ලෙස පමණක් යැයි හැඟෙයි.
ගීතයට පසු බිම් වන පෙම් යුවලට ද මේ හේතූන් අතරින් එකක් හෝ කීපයක් බලපාන්නට ඇත. ඔවුන්ට ප්රේටමය පෙර මෙන් සොඳුරු බව නොහැඟෙයි. එහෙත් අතීත ප්රේ ම සැමරුම් වෙත පියනගන්නට ත් එහි අපූර්වත්වය විඳින්නටත් ඔවුන් කැමති ය. එහෙත් අතීතයට යෑමෙන් සිදුවන්නේ වර්තමානය සන්සන්දනය කරමින් වේදනාවට පත්වීමය. මේ සෑම සිදුවීමක්ම අප යළිත් නැඹුරු කරවන්නේ බුදු දහමේ හරයන් වෙතට ය. එනම් ලොව පවත්නා සියලු දෙය අනිත්යම සහ දුක් සහිත බව ය.
ප්රේ මය වැනි අනුභූතීන් තුළින් ද ජීවන යථාර්ථයන් අපට ඉස්මතු වී පෙනෙයි. ආනන්දනීය කලා කෘතීන් තුළින් විහිදෙන ප්රනඥාලෝකය ලබා ගැනීමට නම් ශ්රා්වකයා තුළ ද පැසුණු බුද්ධියක් සහ රසවින්දන හැකියාවක් තිබිය යුතුය. ඕනෑම කලා කෘතියක, එහි නිර්මාපකයගේ අරමුණ සාක්ෂාත් වන්නේ ශ්රායවකයන් ප්රේ.ක්ෂකයන් එම නිර්මාණය ග්ර හණය කරගන්නා ආකාරය අනුව ය. ජයලත් මනෝරත්නයන්, එච්. එම්. ජයවර්ධනයනයන් සහ බණ්ඩාර අතාවුද එක්ව නිමවන මේ සොඳුරු ගීතය හුදු සුලභ ප්රේවම ගීතයක් පමණකැයි බොහෝ ශ්රා.වකයන්ට ග්ර හණය වුව ද එතුළ සැඟව ඇති ජීවන සත්තාව එහි ගැඹුරට සිය සිත මෙහෙයවන්නකුට දැනෙයි. අරුත් සුන් යයි අප සිතන අපේ ජීවිතය තුළ අප මෙතෙක් සොයා නොගත් ජීවන අරුත් සිය දහසක් ඇති බවට මේ ගීතය කදිම නිදසුනකි.
---- චාමිකා ජනානි ද සිල්වා --- රංගිරි ශ්‍රී ලංකා පුවත්පත -------
ගීතය පහතින් අසන්න