Wednesday, February 21, 2018

කුස පිපුණි බිම්මලක්
රැක ගන්න  වරම් නැති
කුස පිපුණි බිම්මලක්
දැක ගන්න වරම් නැති...

උර මතින් ගෙන රැකියාව
දරා සිත මහ මෙරක්
යනෙන විට  තෙරපී බස් රථ වල
බිදෙන්නැති සියුම්  පෙති
පුංචි බිම්මලේ...

මව් පියන් අතැර ගිය
විහග පැටවෙකුගෙ මුව
තබන්නට හසරැලි
හනි හනික දුවන විට
මියෙන්නැති හදවත....

කුස සොහොන මත වැතිර
මිය ගිය විටෙක නුඹ
වැටුණු කදුලැලි ගෙන
සැදුවා ගගක් අප දෙදෙන....

පිපී ඇත තව මලක්
මගේ කුස යහනත
නොදන්නෙමි බිම්මලක් වෙද
නොදැකම මිලින වන......

පෙර නොවූ විරූ ලෙස
රකින්නට ඇතත් සිත
මහමෙර ඇත
තවමත් හිස මත...

තබන්නට ඔබ මුව
සිනා මල්පෙති
සදන්නට යහපත නුඹට
රැකියාව හැර කිසිත්
නොමැත දිවි රකින්නට ...

විහග පැටවුණගෙ
කදුලු පිසලන පිනින්
අනේ නුඹ රැකියන්
බිම්මලක් නොවී යළිත් ...


No comments:

Post a Comment