Tuesday, December 19, 2017

මායා, වන්ෂොට් සහ මෙරි කොම් හා අපේ යෞවනයන් ---


සෑම රන් පදක්කමක්ම පිටුපස අසීමිත කැපවීම, නොපසුබස්නා වීර්ය, තම අරමුණම කෙරෙහි ඒකාග්‍රතාව පවත්වා ගැනීම, අසීමිත බාධක ආදිය කැටි වූ අපූර්ව ජීවන වෘතාන්තයක් ඇත. “මෙරි කොම්“ යනු ඉන්දියාවට බොක්සිං රන් පදක්කමක් දිනා දුන් කාන්තාවක ගේ සත්‍යකතාවයි.
සංජය ලීලා බන්සාලි ගේ චිත්‍රපටයේ මෙරි කොම් ලෙස රඟපාන්නේ ප්‍රියංකා චොප්රාය.
හැම විටම මා අසන පැනය මෙයයි. ඇයි මෙලෙස දක්ෂතාවන් දක්වන්නන් ලාංකිකයන් අතරින් බිහි නොවන්නේ? එයට හේතුව මෙවන් චිත්‍රපට කිසිදා ලංකාවේ බිහි නොවන නිසාය. දෙස් විදෙස් පතල කීර්තියක් ලබා ගත් ක්‍රීඩකයින් කොපමණ අප රට සිටී ද? ඒ කිසිවකුත් පිළිබඳ මෙවන් සිනමා පටයක් බිහි වී නොමැත. සුසන්තිකා අපට සිටින එකම ඔලිම්පික් ක්‍රීඩා තරුවයි. ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විමසනු මිස ඒවායේ කුණු රස ප්‍රචාරය කරනු මිස ඇය ඔලිම්පික් පදක්කමක් දක්වා පැමිණි මාවත ගැන සොයා බලන්නෙක් වේද? ඇගේ අසීමිත කැපවීම කැටිවුණු ඈ ඔලිම්පික් පදක්කමක් දක්වා ආ මාවත ගැන මෙවන් චිත්‍රපටයක් බිහි නොවන්නේ ඇයි? අපගේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් පැමිණි මාවත ගැන චිත්‍රපටයක් බිහි නොවන්නේ ඇයි? අප මේ සියලු වටිනාකම් හැර දමා ඉන්දීය චිත්‍රපට වල හෙවනැලි මෙරට ප්‍රතිරූපනය කරමු. ඉන්දියාවේ බොළඳ කතා පුවත් පමණක් ආදර්ශයට ගනිමු.
ඉන්දියාවේ හා ලංකාවේ බොළඳ චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන යෞවන ළමයින් ඉක්මනින්ම ප්‍රේමවන්තයකු ප්‍රේමවන්තියක වන්නට ප්‍රාර්ථනා කරනු මිස සුවිශේෂී චරිතයක් වන්නට සිහිනෙනුදු සිතන්නේ නැත. ඔවුහු සිය දක්ෂතාවන් සදහටම වළලා දමා අඩු වයසින් මවක් පියෙක් වී ජීවිතය අඳුරට හෙලා ගනිති.
මා සිතන්නේ අප රටේ මෙවන් චිත්‍රපට නිපදවන්නේ නැත්නම් මෙවන් සුවිශේෂී චරිත සහිත කතා පුවත් කියා දී අපගේ දරුවන් දිරි ගැන්විය යුතුය. එවිට පෙම්වතිය, පෙම්වතා අහිමි වීම නිසා සිය දිවි නසා ගන්නා හීන දීන පෞරුෂ හෝ අරමුණක් අනුව ජීවිතය ගොඩනගා ගනු ඇති. සුවිශේෂී චරිත අප රටෙහි වැඩි වැඩියෙන් බිහිවනු ඇත.

No comments:

Post a Comment