වියළි අතු ඉති පරඬලා පත්
ඉතිරි නොකොටම බිම හෙලා
පිණි කඳුළු බිඳු සමග මුසු කළ
සාරයෙන් යළි සැරසුණා....
රළු පරළු බිම නැගී හිරු දෙස
බලා මුව මදහස සලා
හරිත අතු ඉති විදා සතොසින්
මලින් පුරවා හිනැහුණා......
රිදුණු හදවත විඩා නිවමින්
තුරු සෙවණෙ හිඳ සැනසිලා
රිදුම් අතරින් සිනා කිරණක්
වසන්තය වෙත යා කළා.........
--චාමිකා ජනානි--
No comments:
Post a Comment