පරිසරයේ සුන්දරත්වය දරුවාට කියා දෙන්න. සමණලයින්, කුරුල්ලන්, විවිධ වර්ණයේ මල් ආදිය දරුවාට පෙන්වන්න. ඉර බැස යන අයුරු, සඳ නැග එන අයුරු දරුවාට පෙන්වන්න. දරුවා නින්දට යන විට කවි සහ කතන්දර කියා දෙන්න
This blogs about my poems, Articles song etc... You have to install sinhala unicords for reading this blogs
Saturday, May 12, 2018
යහපත් බුද්ධිමත් දරුවෙකු වෙනුවෙන් කැපවෙමු
පරිසරයේ සුන්දරත්වය දරුවාට කියා දෙන්න. සමණලයින්, කුරුල්ලන්, විවිධ වර්ණයේ මල් ආදිය දරුවාට පෙන්වන්න. ඉර බැස යන අයුරු, සඳ නැග එන අයුරු දරුවාට පෙන්වන්න. දරුවා නින්දට යන විට කවි සහ කතන්දර කියා දෙන්න
Monday, May 7, 2018
හිස් කිරීම හා දෙවෙනියා වීම
“ ගුරුතුමනි, ඔබ ඔය කරන්නේ නිශ්ඵල ක්‍රියාවක්. ඔබ කොතරම් උත්සාහ කළත් තවදුරටත් කෝප්පය පුරවන්න බැහැ. බලන්න, කෝප්පය පිරී ඉතිරී ඒවා බිමත් ඉහිරෙන්නයි යන්නේ“
එවට තමන් කරමින් සිටි කාර්ය නැවතූ සෙන් ගුරුවරයා සිනා සෙමින් මෙසේ ප්‍රකාශ කළා.
“ මහාචාර්යතුමනි, ඔබත් කරන්නේ නිශ්ඵල ක්‍රියාවක්. ඔබ උගත්කම් මනසේ පුරවා ගත්තෙක් නිසා ඔබට තව දුරටත් අලුත් දෙයක් ඉගෙන ගැනීමට හැකියාවක් නෑ. ඔබට අලුත් යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඔබ ඔබේ මනස හිස් කර ගත යුතුයි“
මේ පුංචි කතා පුවතින් අපේ ජීවිතයට ඉගෙන ගත හැකි පාඩම් රැසක් තිබෙනවා. අප බොහෝ විට සිටින්නේ අපේ උගත්කම් , නිල තල, බලය ආදිය හිසේ පුරවගෙන. මේ නිසා අලුත් දෑ ඉගෙන ගන්නට අපට හැකි වන්නේ නෑ. අපි සමාජය දෙස බලන්නේ අප ඉගෙන ගත් ද්‍රෘෂ්ටි කෝණයන්ට අනුව.මේ නිසා අපට අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් අපි දකින්නේ සාම්ප්‍රදායික විධියට. එයින් අලුත් දෙයක් නිර්මාණය කරන්නට බොහෝ දෙනාට බැහැ.
අපේම පුංචි දරුවන්ගෙන් මෙන්ම අප අවට සමාජයෙන්, අපේ කාර්යාලයේ අයගෙන්, අප හමුවට පැමිණෙ සේවා ලාභීන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්නට හැකියි. නමුත් උගතුන්, ඉහළ නිලධාරීන් යන සිතුවිල්ලෙන් පසුවන තාක් අපට මේ කිසිවෙකුගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නට හැකි වන්නේ නෑ.
එපමණක් නොවේ පරිසරයේ සුන්දරත්වය, කලා කෘතියක අපූර්වත්වය මේ කිසිවක ඇති සුන්දරත්වය විඳින්නට අපට හැකිවන්නේ නැහැ. අපි අපේ මනස හිස් කර ගත්තොත් මේ සියල්ල හොඳින් වින්දනය කරන්න හැකියාව ලැබෙනවා. එමෙන්ම මනස හිස් කර ගැනීම නිසා සිතට පිවිසෙන නැවුම් සිතුවිලි වලින් නව නිර්මාණ බිහි කරන්නටත් අපට හැකියාව ලැබේවි.
අපි උගතුන්, බුද්ධිමතුන්, නිල බල සියල්ල ඇති අය ලෙස හිස පුරවාගෙන සිටීම නිසා අප කිසි විටෙක තව කෙනෙකුට දෙවෙනි වීමට සූදානම් නැහැ.මේ අන් අයගේ මතයන්ට ඇහුම්කන් දීමේ හැකියාවත් ඒවායින් යහපත් දේ උකහා ගැනීමේ නම්‍යශීලී භාවයත් නැති වෙනවා. මේ නිසා ගැටුම් රැසකට මුලපිරීමක් සිදුවෙනවා.
අන් අයගේ මතවලට ඇහුම්කන් දීමත් නම්‍යශීලී වීමත් තවත් අයෙකුට දෙවනි වීමක් ලෙස සිතා අප එය බැහැර කරනවා. ගැටුම් ඇතිවන පාර්ශව දෙකෙහිම අය මෙලෙස අනම්‍යශීලි වුවොත් සිදුවන්නේ ගැටුම තවත් දර දිග යාමක්. මේ නිසා අප දෙවෙනි වීම කළ යුතුයි.
නම්‍යශීලීවීම ආදර්ශයෙන්ම පෙන්වූ උසස්ම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. මෙට හොඳම උදාහරණය ආලවක දමනය. ආලවක දමනය කරන්නට ඔහුගේ නිවහනට වැඩම කළ බුදු රජාණන් වහන්සේ ඔහුගේ අණ කිරීම පරිදි නිවසෙන් එළියට හා ඇතුළට කීප විටක් වැඩම කළා.බුදුන් වෙහෙස කරවා ඵලක් නොවූ තැන ඔහු ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. බුදුරදුන්ගේ පිළිතුරු දීම් හමුවේ ආලවක දමනය වුණා. එමෙන්ම බුදු රජාණන් වහන්සේ අන්‍ය ආගමිකයන්ගේ ආරාම වලට වැඩම කර ඔවුන් හා සුහද පිළිසඳරක යෙදී සිටි බව සඳහන් වෙනවා. උන්වහන්සේගේ ඇසුර ප්‍රිය කළ අන්‍ය ආගමිකයෝ බුදුරදුන් පැමිණෙන තෙක් මග බලා සිටි බව සඳහන් වෙනවා. තමන් ලෝකයේ උසස්ම පුද්ගලයා ලෙස සිතමින් මානයෙන් කටයුතු කිරීමක් කෙදිනකවත් බුදුරදුන් සිදු කළේ නැහැ. එහෙනම් තව කෙනෙකු ඉදිරියේ දෙවෙනි වීම තමන්ගේ ආත්ම ගෞරවය පහතට වැටීමක් නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.
අනවශ්‍ය පුහු මතවාද වලිනුත් තමන්ගේ උගත්කම් පාණ්ඩිත්‍යයෙන් හිස පුරවා නෙගෙන කටයුතු කළහොත් ඔබට ඔබේ මනස සුසර කරගෙන ජීවිතයේ සෞන්දර්ය විඳින්නට අවකාශය ලැබේවි.
--- චාමිකා ජනානි ---
Emptying and being second ----
A certain professor wanted to learn Zen. He found the best Zen teacher. When the professor went to meet Master Zen at his monastery, the master was pouring tea from a teapot into a cup. The teacher asked the professor to sit down and continue his work.
"Teacher, what you are doing is useless. No matter how hard you try, you can't fill the cup anymore. "Behold, the cup is overflowing and they are going to spill on the floor." Then the Zen teacher stopped what he was doing and said with a smile, "Professor, you are also doing a useless act." Because you have filled your mind with education, you are no longer able to learn anything new. If you want to learn something new, you have to empty your mind. " There are many lessons we can learn from these little stories. We are often filled with our education, official positions, power, etc. in our heads. Because of this, we are not able to learn new things. We look at society according to the viewpoints we have learned. Because of this, we see the events we hear and see in the traditional way. Many people can not create something new from it.
We can learn a lot from our own little children as well as from the society around us, from the people in our office, and from the service recipients who come to us. But we will not be able to learn anything new from any of these people as long as we are thinking of scholars and high officials. Not only that, we cannot enjoy the beauty of the environment or the uniqueness of a work of art. If we empty our minds, we can enjoy all this well. And because of emptying the mind, we can create new creations with fresh thoughts entering the mind. We are never ready to be second to others because we are filled with pride in our heads as learned, intelligent, and authoritative people. We lose the ability to listen to other people's opinions and the flexibility to learn from them. Because of this, many conflicts are triggered. We dismiss listening and being flexible as second nature to someone else. If people on both sides of the conflict are inflexible, the conflict will continue to escalate. This is why we should be second. Lord Buddha is the supreme person who exemplified flexibility. The best example of this is dating.
Lord Buddha, who went to his house to control his lover, went in and out of the house several times as per his orders. When the Buddha tried hard, he started asking questions. Alavaka was subdued by the Buddha's answers. Also, it is mentioned that the Lord Buddha visited the monasteries of other religions and engaged in friendly relations with them. It is said that the people of other faiths who enjoyed his company were waiting for the arrival of the Buddha. The Buddha never acted with dignity, thinking that he was the highest person in the world. Then you must now understand that being second in front of someone else is not a drop in your self-esteem. If you fill your head with your knowledge and wisdom, you will be able to tune your mind and enjoy the beauty of life.
-------Chamika Janani De Silva
Monday, March 26, 2018
Tuesday, February 27, 2018
අලුත් කණ්ණාඩිය - කෙටි කතාව
තාරකා මුහුණු බලන කණ්ණාඩියෙන් ඒ මේ අත හරවා යළිත් ඒ තුළින් තම මුහුණ බැලුවා ය.
“ නරකම නෑ. කලින් පාවිච්චි කරපු එක වගේ කැතට පෙනෙන්නෙ නෑ.“ ඇය සිතුවා ය.
“ මිස් කණ්ණාඩිය හොඳද? ඇය පියවි ලොවට පිවිසියේ කණ්ණාඩි සාප්පුවේ සේවකයාගේ හඬිනි.
“ ආ! ඔ..ඔව් හොඳයි“
“ අනිත් කණ්ණාඩි වගේ නෙමෙයි, රාමු නැති නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන“
ඇය කණ්ණාඩියට මුදල් ගෙවා වහා සාප්පුවෙන් එළියට ආවා ය.
“ දවල් වැඩට යද්දි මට අලුත් කණ්ණාඩිය දාගෙන යන්න පුළුවන්“ තාරකා කමාට ම මුමුණා ගත්තේ සතුටිනි.
එහෙත් ඇස් කණ්ණාඩිය වෙනුවෙන් වැය කරන්නට සිදු වූ මුදල ගැන ඇයට මතක් විය. එය රුපියල් හයදහසක මුදලකි. හරියටම කිවහොත් තාරකාගේ වැටුපෙන් හරි අඩකි. තාරකා නවාතැන් ගන්නා බෝඩිමට රුපියල් හාර දහසක් ගෙවූ විට ඉතිරි වන්නේ රුපියල් අටදහසකි. කණ්ණාඩිය වෙනුවෙන් රුපියල් හයදහසක් ගෙවූ විට ඉතිරි මුදලින් අමතර ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී අනෙකුත් කටයුතු වලට මුදල් ප්‍රමාණවත් නොවේ. මේ නිසා ඇය සිය මිතුරියක වන අනුෂ්කාගෙන් රු 4000ක මුදලක් ණයට ඉල්ලා ගත්තාය.
“ දැන් නම් මට කවුරුවත්ම හිනා වෙන එකක් නෑ කණ්ණාඩිය ගැන කියලා“
බොරැල්ලෙන් නාරාහේන්පිට බසයට ගොඩ වුණ තාරකා හිස් අසුනක් සොයා අසුන් ගත්තාය. ඇයට තම සේවා ස්ථානයේ මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළු මතකයට නැගුණි.
සේවා ස්ථානයේ පැවති පුහුණු සැසි වල දී මොනිකා, තාරකාගේ කණ්ණාඩිය පැළඳ ගත්තා ය.පුහුණු සැසි වලදී පැවැත් වූ ඇතැම් දේශන නීරස වූයෙන් ඒවා අවසන් වන්නේ කීයට දැයි සිතින් බැණ වදිමින් අපි නොසන්සුන්ව සිටියෙමු. මොනිකා මගේ කණ්ණාඩිය උදුරා ගත්තේ මේ නීරස දේශන වල දී කණ්ණාඩියට මුවා වී කෙටි නින්දක යෙදෙන්නට ය.කණ්ණාඩිය දැමූ විට බොහෝ විට ඈත සිට බලන කෙනෙකුට කණ්ණාඩිය දැමූ පුද්ගලයාගේ දෙඇස පැහැදිලිව නොපෙනේ.“කණ්ණාඩි අක්කා “, “ කණ්ණාඩි නංගී, කණ්ණාඩි මිසී ආදී නම් වලින් සේවා ස්ථානයේ දී තාරකාව හඳුන්වනු ලැබීය.ඇය හා වරෙක අමනාප වූ මිතුරෙක් තාරකා ඈතින් එනු දැක “ අන්න, කණ්ණාඩි පොළඟී එනවා “ යැයි කියනු ඇයට ඇසින. මේ සියල්ල ඇයට දැඩි මානසික පීඩාවක් ගෙනාවේ ය.
වරක් තාරකා රෝහලේ පිළිගැනීමේ අංශයේ සිටිය දී රෝහලේ කාමර පිළිබඳ විමසීමට තරුණයකු පැමිණ සිටියේ ය.ඔහු පැළඳ සිටි කණ්ණාඩිය රාමු රහිත වූ අතර කදිම හුරුබුහුටි බවකින් යුක්ත විය.එමෙන් ම ඔහු කණ්ණාඩියක් පැළඳ සිටි බව ඈ දුටුවේ ඔහු කවුන්ටරය වෙත ළං වූ පසු ය.
තාරකා තරුණයා හා කතා බහ කරන අතරතුර ඔහුගේ කණ්ණාඩියේ රූපය සිතේ ඇඳ ගත්තා ය. කෙසේ හෝ මෙවන් කණ්ණාඩයක් ලබා ගන්නෙමැයි ඇය අදිටන් කර ගත්තා ය.
...................................................................................................................................................................
“ මියුරු කල්පනා.... නෙතක දැල්වුණා..........“ ජංගම දුරකතනය නාදවන්නට විය.තාරකා සිටියේ දහවල එකේ සේවා මුරයට යන්නට සූදානමිනි. ඇය දුරකතනයට සවන් යොමු කළාය.
“ ආ... කණ්ණාඩි හාමිනේ කොහොම ද? අනෙක් පසින් ඇසුණේ නිලූකගේ හඬයි.
“ හොඳින් ඉන්නවා“
“ ඔයගෙ බෝතල් අඩි කණ්ණාඩි දෙක තියෙනව ද?“ ඔහු උපහාසයෙන් අසයි.
තමන් රාමු රහිත කණ්ණාඩියක් මිලදී ගත් බව නිලූකට කියන්නට සිතුණ ද තාරුකා නිහඬව සිටියා ය.
“ ගමේ ගියාම බලා ගන්නෙ නැතැයි මගේ කණ්ණාඩි දෙක“ ඇය තමන්ටම කියා ගත්තා ය.
“ මොක ද නිශ්ශබ්ද? කවද්ද ගමේ එන්නේ?
“ හෙට උදේ වරුවෙ වැඩ ඉවර වෙලා පිටකොටුවෙන් බස් එකට නගිනවා“ යි කියූ තාරකා වහා දුරකතනය විසන්ධි කළේ සේවා ස්ථානයට යාමට වේලාව ළං වූ නිසාය.
තාරකා සූදානම් වී මගට බැස්සාය. වෙනදා දැකපුරුදු බොහෝ දේ නුපුරුදු ලෙසින් හා නැවුම් ලෙසින් ඇගේ අලුත් කණ්ණාඩියට පෙනෙන්නට විය. කපුටන් තැන තැන ඇහිඳ දමා තිබූ පිළුණු අහර ද බල්ලන්ගේ වසුරුද ඇයට නොපෙනිණ. නගරයේ කුණු කාණු වලින් නැගෙනා දුර්ගන්ධය වෙනුවට රජමහා විහාරය අසල රුක් අත්තන ගහේ මල් වල සුවඳ ඇය අවට සරන්නාක් මෙන් දැණින.
දහවල දැඩි හිරු රෂ්මියත් නගරයේ දූවිල්ලත් විසින් නොසන්සුන් බවට පත් කළ ඇය වෙනදා නාරාහේන්පිට හන්දියෙන් පාර මාරුවීමට සිටියේ අධික නොඉවසිල්ලෙනි. එහෙත් අද ඇයට ඒ කිසිවක් පිළිබඳ නිනව්වක් නොවී ය. රෝහලට හැරෙන අතුරු මාර්ගයට හැරී ගමන් කරන ඇගේ දැහැන බිඳුනේ රෝහල් ගේට්ටුව අසල දී ය.
“ අද මිස් කලින් ම වැඩට ඇවිත් නේද? “ සේවකයන් සඳහා වූ ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි මුරකරුවකු වූ දිසානායක විමසීය. මුව පුරා පැතුරුණු සිනාවකින් ඔහු ට ප්‍රතිචාර දක්වමින් තාරකා රෝහල වෙතට පිය නැගුවා ය.
පිළිගැනීමේ නිලධාරීන් සඳහා වෙන් කර තිබූ කාමරයට ගිය තාරකා අලුත් කණ්ණාඩි පරෙස්සමෙන් ගලවා තබා වත්සුණු හා තොල් ආලේපන තවරා කොණ්ඩය ගෙඩියක් කොට බැඳ ගත්තා ය.ඇස් කණ්ණාඩිය පැළඳ ගෙන මුහුණ බලන කණ්ණාඩියෙන් මුහුණ බැලුවා ය. මඳක් පසුපසට වී යළිත් කණ්ණාඩිය පැළඳූ මුහුණේ රූසිරි බැලුවා ය. එවිට ම ආයිත්තම් වන කාමරයට පැමිණියේ පිළිගැනීමේ අංශයේ ජේෂ්‍යඨ නිලධාරිනියක වන නිරෝධා මහත්මිය යි. නිරෝධා තම කාර්ය මණ්ඩලයේ සියලුම ගැහැණුම ළමයින්ට තම දූවරුන්ට මෙන් කුළුපගව සලකන්නිය කි.
“ තාරුකා ! අද නම් මොකක් හරි වෙනසක් තියෙනවා. ඇය තම සුපුරුදු ළයාන්විත ස්වරයෙන් පැවසුවා ය.“
“ කෝ, මේ පැත්තට හැරෙන්න බලන්න! ආ.... ෆ්‍රේම් නැති කණ්ණාඩියක් අරගෙන. දැන් නම් කෙල්ලගෙ මූණට එළිය වැටිලා.“
“ මේ බලන්නකෝ දිනූකා අද තාරුකාගේ ලස්සන“
දිනූකා වඩා උනන්දුවෙන් තාරකා දෙස බැලුවා ය.
“ ආ.. තාරු, ඔයා අලුත් කණ්ණාඩිය ගත්ත ද?
“ තාරුකාගෙ ලස්සන අර පරණ කණ්ණාඩිය නිසා වැහිලා තිබිලා තියෙන්නේ. බලන්නකෝ දැන් මෙයාගෙ ලස්සන!
“ පිරිමි ළමයි එහෙම දැන් මෙයා දිහාම බලයි නේද නිරෝධා මිස්? දිනූකා පැවසුවේ ඇසක් වසා ඉඟි මරමිනි.
“ තාරු, බලන්න..මම ලස්සන ඇඳුමක් ගත්තා. මේ ඒකට ගත්ත කරාබු.. ලස්සනයි නේ ද? දිනූකා ඇගෙනි විමසයි.
කණ්ණාඩිය ගන්නට වියදම් නොකළා නම් තමාත් මෙවැනි අලුත් ඇඳුමක් මිලදී ගන්නවා නොවේ දැයි සිතෙන විට තාරුකාට සියුම් දුකක් දැනුණි.
--------------------------------------------------------------------------------------------------------
තාරුකා උදේ වරුවේ තම සේවා මුරය අවසන් කොට ඇඳ පැළඳ ගෙන වහා බසයට නැගුණේ සවස තුනයි තිහේ බස් රථය අල්ලා ගැනීමට ය. කොළඹ සිට පැය පහක් බස් රථයේ ගමන් කිරීමෙන් පසුව තවත් පැයක් තම ගමට යන බස් රථයේ ගමන් කරන්නට තාරකාට සිදුවේ. ඒ නිසා තාරකා යුහු යුහුව පිටකොටුවෙන් බැස මාතලේ බස් රථය සොයා ගෙන ගියා ය. බස් රථය ගමන් ආරම්භ කරන්නට සැර දමමින් සිටී. තාරකා වහ දිව ගොස් බස් රථයට ගොඩ වූවා ය.ඇගේ දෑස් බස් රථයේ එහා මෙහා ගමන් කළේ කවුළුවක් අසල ඇති ආසනයක් සොයමිනි. නමුත් කවුළු ආසන්නයේ තිබූ ආසන සියල්ල ම පිරී තිබුණෙන් තමාට ලැබූ අසුනින් සෑහීමට පත් වන්නට සිදු විය.
ටිකට් පත ගත් පසු බස් රථය සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. උදෑසන සිට අධිකව වෙහෙසට පත්ව සිටි තාරකාට දැනුණේ අධික තෙහෙට්ටුව කි. ඇය අලුත් ඇස් කණ්ණාඩිය පැනල් කැබැල්ලෙන් මනාව පිස දමා එහි ආවරණයට දමා අත් බෑගයට දමා ගත්තා ය. තෙහෙට්ටුව නිසා දෑස් පියවෙද්දී කණ්ණාඩිය බිම වැටෙතැයි තාරකා බිය වූවා ය.
තාරකා ඇඳුම් බෑගය උකුල මත තබා ඒ මත හිස තබා නිදන්නට වූවා ය. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. පැය කිහිපයකට පසු තාරකා නින්දෙන් අවධි වූයේ බස් එථය එක් වර ම තදින් තිරිංග තද කළ විට ය. තාරකා දෙනෙත් හැර වටපිට බැලුවා ය.
“ බල්ලෙක් බස් එකට හැප්පෙන්න ගියා“ සෙනග අතරින් කෙනෙක් කියනු ඇසිණ.
තාරකා තමා දැන් සිටින්නේ කුමන නගරයේ දැයි දැන ගැනීමට වට පිට බැලුවා ය. කුඩා අකුරුවලින් සටහන්ව තිබූ නාම පුවරු ඇයට කියවා ගත නොහැකි විය. ඇය කණ්ණාඩිය දෑසෙහි රඳවා යළිත් නාම පුවරු කියෙව්වා ය. බස් රථය වරකාපොළ නගරය ට සේන්දු වෙමින් තිබුණි. බස් රථය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. වරකාපෙළ බස් නැවතුමේ බස් රථය නැවැත් විය.
“ ආ... වරකාපොළ බහින්න, වරකපොළ ටිකට් ඔක්කොම මෙතනින් බැහැ ගන්න“ බස් කොන්දොස්තරවරයා මහ හඬින් කෑ ගසයි.
තාරකාගේ ්සුනට පිටුපසින් හිඳ සිටි කාන්තාවක් වහා නැගිට බස් රථයේ ඉදිරියට ඇදෙන්නට වූයේ කලබලයෙනි. ඇගේ නොසැලකිල්ල නිසා තාරකාගේ කණ්ණාඩිය ඇගේ අත්බෑගයේ පැටලී වීසි විය. තාරකා කණ්ණාඩිය සොයද්දී දුටුවේ ඉහත කී කාන්තාවගේම අඩි උස් පාවහන් යුවලට පෑගී කුඩු විය.
අනේ ! මගේ අලුත් කණ්ණාඩිය! කියමින් තාරකා තම කණ්ණාඩිය පෑගූ කාන්තාවගේ ඔසරි පොටින් අදින්නට වූවා ය. කලබල වූ කාන්තාව තාරකා දෙසට හැරිණි.
‘‘ ඇයි මොකද?“ කාන්තාව විමසුවේ සැර පරුෂ හඬකිනි.
“ මේ ඔයා මගේ කණ්ණාඩිය පෑගුවා“ තාරකා කීවේ බොඳ වී ගිය හඬකිනි.
“ ආහ්! මේ.... මේ ඔ..ඔයා කණ්ණාඩිය මොකට ද බිම තියලා තිබ්බේ?
“ කණ්ණාඩිය බිම තිබ්බෙ නෑ, ඔයා හදිස්සියේ නැගිටලා යනකොට මගේ කණ්ණාඩිය ඔයාගේ බෑග් එකේ පැටලුණා. ඒක ඔයාට ම පෑගුණා.“ තාරකා පැහැදිලි කලේ ආයාසයෙනි. ඇගේ දෙනෙතට කඳුළු උනමින් තිබිණ.
“ ඔහ් ! මට සමාවෙන්න! මට පරක්කු වෙනවා “ කියමින් කාන්තාව බසයෙන් බැස ගියාය.
“ තාරකාගේ දෙනෙතින් නොකඩවා කඳුළු ධාරා ඇද හැලෙන්නට විය.
ඇය කඳුළු වැකි මුහුණ ඇඳුම් මල්ල මත තබා ගත්තාය.
“ කණ්ණාඩි පොළඟා“, කණ්ණාඩි අක්කා.... සේවා ස්ථානයේ මිතුරන් යළිත් උසුළු විසුළු කරනු ඇයට ඇසෙන්නට විය.ඇය දෑතින් ම දෙකන් වසා ගත්තා ය.
Wednesday, February 21, 2018
රැක ගන්න වරම් නැති
කුස පිපුණි බිම්මලක්
දැක ගන්න වරම් නැති...
උර මතින් ගෙන රැකියාව
දරා සිත මහ මෙරක්
යනෙන විට තෙරපී බස් රථ වල
බිදෙන්නැති සියුම් පෙති
පුංචි බිම්මලේ...
මව් පියන් අතැර ගිය
විහග පැටවෙකුගෙ මුව
තබන්නට හසරැලි
හනි හනික දුවන විට
මියෙන්නැති හදවත....
කුස සොහොන මත වැතිර
මිය ගිය විටෙක නුඹ
වැටුණු කදුලැලි ගෙන
සැදුවා ගගක් අප දෙදෙන....
පිපී ඇත තව මලක්
මගේ කුස යහනත
නොදන්නෙමි බිම්මලක් වෙද
නොදැකම මිලින වන......
පෙර නොවූ විරූ ලෙස
රකින්නට ඇතත් සිත
මහමෙර ඇත
තවමත් හිස මත...
තබන්නට ඔබ මුව
සිනා මල්පෙති
සදන්නට යහපත නුඹට
රැකියාව හැර කිසිත්
නොමැත දිවි රකින්නට ...
විහග පැටවුණගෙ
කදුලු පිසලන පිනින්
අනේ නුඹ රැකියන්
බිම්මලක් නොවී යළිත් ...
Friday, January 26, 2018
පෙර අප අතර තිබූ සෙනෙහස කොහෙ ද?
Tuesday, December 19, 2017
මායා, වන්ෂොට් සහ මෙරි කොම් හා අපේ යෞවනයන් ---
සෑම රන් පදක්කමක්ම පිටුපස අසීමිත කැපවීම, නොපසුබස්නා වීර්ය, තම අරමුණම කෙරෙහි ඒකාග්‍රතාව පවත්වා ගැනීම, අසීමිත බාධක ආදිය කැටි වූ අපූර්ව ජීවන වෘතාන්තයක් ඇත. “මෙරි කොම්“ යනු ඉන්දියාවට බොක්සිං රන් පදක්කමක් දිනා දුන් කාන්තාවක ගේ සත්‍යකතාවයි.
Monday, September 4, 2017
අපෙ ගමේ සුවඳ එකතු කරන් වරෙන් යාළුවේ
ඉඳහිට හෝ මේ සිදාදියේ
අපෙ ගමේ සුවඳ එකතු කරන් වරෙන් යාළුවේ.........
මුතු ගානේ බැත මෝරන
නොනිදා හිනැහෙන කමතක් වාගේ
මැඩුවන් සුවඳත් තුරුළු කරන් වරෙන් යාළුවේ....
නැලවෙන බෝ පත තාලෙට
රෑ නලියන වැව් කණ්ඩිය වාගේ
පන්සලෙන් සාදු හඬත් අරන් වරෙන් යාළුවේ....
තනුව හා සංගීතය - එච්.එම් ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
--- චාමිකා ජනානි----
Wednesday, August 9, 2017
--- ආදරයට බ්‍රේක් නැත -----
“ යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ
රෑන් මුදා ගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
සිඟිති ආදර දූපතක තනි වී
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී.....
ප්රේපමය අප වටහා ගන්නේ විවිධ වයස් මට්ටම් වලදී විවිධ ආකාරයෙනි.
• වයස අවු 13 සිට වයස අවු 18 - දක්වා බොහෝ දෙනෙක් තමන්ට හමු වන ඕනෑම පුද්ගලයෙකු හා ප්රේ්ම සම්බන්ධතා අරඹයි.
• වයස අවු 20 න් පසු විවාහය සඳහා සුදුසු කෙනෙක් තෝරා ගනියි.
වැඩෙයි අව සඳ ගෙවී අටවක නොවී ඉමු ඉක්මන්
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් .....











