https://www.youtube.com/watch?v=d--cK_7tzPM
“ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා“ යන්න පැරණි කියමනකි.ඒනමුත් සංකීර්ණ වූ නූතන සමාජයේ දී මේ කියමන වෙනස් ආකාරයට පෙරළී සක්ස් වී ඇත. එනම් “ මතු රැකෙනා ශිල්පයමයි උගත මනා“ යනුවෙනි. අධ්‍යාපනය ලැබූ උගතුන් බුද්ධිමතුන් මාවතට විසි වෙද්දී , නූගතුන් ඉහළ පුටු වල වැජඹෙන්නේ මේ නිසාය.රත්න ශ්‍රී තගෛ්ය පද රචනයට හසු කරගනනේ වත්මන් අධ්‍යාපනය ක්‍රමයේත් , දේශපාලනයේත් සමාජ රටාවේත් පවත්නා සෝදා පාළුවයි.
ගීතය සවනට යොමු විටම අපට මතකයට නැගෙන්නේ
අල්ලට සිඟාවිත් රස නැති කැවිලි කකා
වල් කොළ අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා ගීතයයි.රත්න ශ්‍රී මෙම නවිය වත්මන් සමාජයට අපූරුවට ගලපා තිබේ.
අධ්‍යාපනය සාක්ෂාත් කර ගන්නට වෙර දරන තරුණ තරැණියන්ගේ ජීවිත පිරී ඇත්තේ දුක් කම් කටොළු වලිනි.විශ්ව විද්‍යාල නේවාසිකාගාර හෝ පෞද්ගලික නේවාසිකාගාර වල වෙසෙමින් කුසට නිසි අහරක් අඳින්නට නිසි ඇඟළුමක් නිදහසේ අධ්‍යාපන කටයුතු කරන්නට සුදුසු ඉඩ කඩක් නොමැතිව ඔවුන් කරන්නේ දුෂ්කර ක්‍රියාවකි.
අනෙක් තරැණ තරුණියන් මෙන්ම නව විලාසිතා කරන්නට ද රිසි රිසි රස මසවුළු බුදින්නට ද ඔවුන් ද කැමතිය. එහෙත් සිය අසරණ දෙමව්පියන් දුකසේ හරි හම්බ කර එවනු ලබන සොච්චමෙන් ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන ඔවුන්ට මේ සියල්ල සිහිනයක් පමණකි.

එලෙස අසීරැවෙන් ලබා ගන්නා උපාධිය අද මිල මුදල් හමුවේ අවලංගු කාසියක් බවට පක්ව ඇත.විශේෂයෙන් කලා උපාධියකට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි.“ කලාව කලොත් මලා තමයි“ යනුවෙන් කියමනක් වත්මන් සමාජය තුළ ගොඩ නැගී ඇත්තේ මේ නිසා ය.
බොහෝ දුෂ්කර ක්‍රියා කරමින් අධ්‍යාපනය සාක්ෂාත් කර ගත්ත ද දේශපාලකයෙකුගේ සහතිනයත් , සුප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙන ගත් බවට සහතිකයත් නැති නම් රැකියාවක්ලබා ගැනීම ද අපහසු ය.රත්න ශ්‍රී උත්සාහ කරන්නේ සමාජ යථාර්ථය ඉස්මතු කර පෙන් වීමට ය.
ගණ දෙවියන් යනු නුවණට අධිපති දෙවියාය.ඔහු කෘෂ වී ඇත්තේ මන්ද? නුවණට හා අධ්‍යාපනයට පුද සැලකිලි දක්වන්නන් විරල වීම නිසා ය. උගතුන්ට හා බුද්ධිමතුන්ට නොසලකා හැරීම මෙයින් නිරූපනය වේ.
රත්න ශ්‍රී යොදා ගන්නා බෝඩිං, කොම්පියුටර් වැනි ඉංග්‍රීසි වදන් ද , කෙට්ටු වෙලා, ඡන්දෙට ගිනි තැප්පට වැන් වදන් සුගායනීය වදන් නොවේ. නුමුත් මෙවැනි කඨෝර වදන් යොදා ගනීම තුළින් ම සමාජයේ කටුකත්ව අවධාරණය කර පෙන්වීමට රත්න ශ්‍රී සමත්ව තිබේ.
සියල්ල අලෙවි වන ලොව තුළ කලාව අලෙවි නොවේ. අලෙවි වන කලා කරුවන් ඇති නමුත් ඔවුන් සැබෑ කලා කරුවන් ලෙස හැඳින්විය නොහැක. මිසිසාට අද නොමිලයේ ලැබෙන්නේ හිරු එළියත් සඳ එළියත් පමණි. එහෙත් ඒ කිසිවකින් අප කුස ගිනි නොනිවේ.සඳ එළියෙන් කිසිදා ලිප ගිනි දැල් නොනිවේ යනුවෙන් රූපනය කරන්නේ එයයි.
රත්න ශ්‍රී පවසන පරිදි රන් අකුරින් නම ලියැවුණු රන් කැටි පුත්තු කවරහු ද? දේශපාලකයන්ගේ , ධනවතුන්ගේ දූ පුතුන් ය. සමාජයේ ඉහළින් වැජඹිය හැක්කේ ධනය බලය හිමි රන් කැටි දූ පුතුන්ට පමණි.
වත්මන් සමාජය දෙස තියුණු බැල්මක්හෙලන මෙම ගීතයෙන් බුද්ධිය කෘෂ වූ සමාජය ඉස්මතු කර පෙන්වන්ට රත්න ශ්‍රී සමත්ව ඇත. අධ්‍යාපය උදෙසා දුෂකර ක්‍රියාවක යෙදෙ සිසු සිවියන්ගේ ජීවිතයෙන් බිඳක් ද මෙයින් නිරූපිත ය.
රත්න ශ්‍රී ගේ අරමුණ සාක්ෂාත් කරමින් සංගීතය මුසු කරන්නටත් සංවේදී හදවත් ප්‍රකම්පනය කරමින් ගයන්නටත් විශාරද ගුණදාස කපුගේ සමත් වී ඇත.
This blogs about my poems, Articles song etc... You have to install sinhala unicords for reading this blogs
Tuesday, February 3, 2015
Friday, December 19, 2014
Thursday, November 13, 2014
Saturday, October 11, 2014
Tuesday, October 7, 2014
Saturday, March 15, 2014
Friday, March 7, 2014
Friday, November 15, 2013
Subscribe to:
Posts (Atom)